එක්සත් රාජධානියේ සිටින යුක්‍රේන සරණාගතයින් 50,000කට නිවාස අහිමි වන ලකුණු

Date:

එක්සත් රාජධානියේ සිටින 50,000 පමණ වන යුක්රේන සරණාගතයින්ට ලබන වසරේ නිවාස අහිමි විය හැකි බවට රජයට අනතුරු අඟවා ඇත, නමුත් ඉදිරියේදී ඇති විය හැකි අර්බුදය සමනය කිරීම සඳහා මේ වනතුරු කිසිදු සැළැස්මක ඡායාමාත්‍රයක්වත් නොමැත.

විවිධ පුණ්‍යාතන හරහා එක්සත් රාජධානියට පැමිණි යුක්රේනය සඳහා නිවාස යෝජනා ක්‍රමය මාර්තු මාසයේ ආරම්භ වූ දා සිට සරණාගතයින් 83,900ක් පැමිණ ඇත. සරණාගතයින් අනුග්‍රාහකයින් සමඟ සමපාත වූ අතර ඔවුන් මාස හයක් සඳහා නිවාස ලබා දීමට එකඟ වූ අතර මසකට පවුම් 350 බැගින් ගෙවන ලදී. පෙබරවාරි මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට යුක්රේනියානු පවුල් 1,335 ක්, දරුවන් සිටින පවුල් 945 ක්, ඇතුළුව නිවාස නොමැති අය ලෙස ලියාපදිංචි වී ඇති බව රජයේ දත්ත පසුගිය දා වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් විචාරකයන් අදහස් දක්වා තිබුණේ බලශක්ති බිල්පත්, උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාත ඉහළ යාම ඇතුළු පීඩන එකතුවක් නිසා මෙම අගය තවත් වැඩි විය හැකි බවයි.

බොරිස් ජොන්සන් රුසියාවේ ආක්‍රමණයට එක්සත් රාජධානියේ ප්‍රතිචාරය ප්‍රතිපත්තිමය ජයග්‍රහණයක් ලෙස සකස් කර ඇතත්, ගැටුමේ සරණාගත අර්බුදයට ඔහුගේ ආණ්ඩුව දක්වන ප්‍රධාන ප්‍රතිචාරය අතිශයින්ම නිද්‍රශීලීය. කෙසේ නමුත් බොහෝ දෙනා මේ තත්වය පිළිබඳ අදහස් දක්වන්නේ සරණාගතයින්ට නවාතැන් දීමට සහ ඔවුන්ට උපකාර කිරීමට මෙන්ම ඔවුන්ගේ හිසට වහලක් ලබා දීමට රජයට නිසි සැළැස්මක් අවශ්‍ය බවයි.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...