පොහොට්ටු සභාපති GL ඇතුළු පිරිසක් විපක්ෂයේ අසුන් ගනී

Date:

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද සිට විපක්ෂෙයේ අසුන් ගැනීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදුන් පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු මෙසේ විපක්ෂයේ අසුන් ගත්තේය. ඔවුන් දෙදෙනාට අමතරව විපක්ෂයේ අසුන් ගත් සෙසු මන්ත්‍රීවරුන් වන්නේ මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය ගුණපාල රත්නසේකර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය තිලක් රාජපක්ෂ, ඩිලාන් පෙරේරා, උද්‍යාන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී.එස් කුමාරසිරි යන අයයි.

අතුරු අයවැය දෙවැනිවර කියවීම පිළිබඳ විවාදය ආරම්භ කිරීමට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජී.ඇල්. පීරිස් මහතා, තමන් ඇතුළු කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව ප්‍රකාශ කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...