මිතු කොවුල !

කොවුල උඹ බරපතළ දැහැනකට පත්වී
ලියන්, අවුරුදු කවක් නොනගතේ රත්වී
මම එහෙම කියද්දිම හදින්: මුසපත් වී
සිරික්කිය ඇයි මෙහෙම කින්ඩියෙන් මත්වී

පෙනෙනවද මම රැයට ඇහැ තියන අන්දම
ගහෙන් බැස එනු හැකිද තටු සඟල බින්දම
අවුල ගත්තා ඔන්න නොනගතේ හින්දම
බග සඳ ද අත ළඟට ගනු ඇහැකි පන්දම

රාශිගත සිහිනයට ඉරට වෙද නිදහස
කොහෙන් ලැබුණාද ඇස පෙඟෙනසුළු මඳහස
එරබදු ගහත් ඉන්නෙ පිනි කඳුළු පිස පිස
අතැර දමලා ද රතු කොඩි වනන අදහස

ඉනු එපා බං ඔහොම තටු පද්ද පද්ද
ඔය වසල සිරික්කිය, හකුලගං, රෙද්ද
උඹ ඉන්නෙ කාට හරි බය වෙලා වද්ද
කවියකට මුලපුරන මොකවත්ම නැද්ද

~ මංජුල වෙඩිවර්ධන