හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආරක්ෂක අමාත්යාංශ ලේකම් සම්පත් තුයියකොන්තා පත්කිරීමට නියමිත බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය.
එමෙන්ම එවිට පුරප්පාඩු වන ආරක්ෂක අමාත්යාංශ ලේකම් ධුරය සඳහා හිටපු හමුදාපති දයා රත්නායක පත්කිරීමට යෝජනා වී ඇති බවයි තහවුරු නොකළ අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


