*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

චීනයේ Xinjiangහි මනුෂ්‍යත්වයට එරෙහිව බරපතල මානව අයිතීන් උල්ලංඝණය කෙරේ- මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය

චීනයේ Xinjiang ප්‍රාන්තයේ මනුෂ්‍යත්වයට එරෙහි බරපතල මාන්ව හිමිකම් කඩවන බවට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද නව වාර්තාවකින් හෙළි දරවු වී තිබේ.

විමර්ශකයින් මෙහිදී වාර්තා කර තිබුණේ මුස්ලිම් හා සුළුතර උයිගර් ප්‍රජාවට එරෙහිව වද හිංසා පැමිණවීම පිළිබඳ සාක්ෂි ඔවුන් විසින් අනාවරණය කර ගත් බවයි. සුළු ජාතීන්ගේ අයිතීන් මර්දනය කිරීම සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමත්, ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමටත් චීනය නොපැහැදිලි ජාතික ආරක්ෂක නීති භාවිතා කරන බවට ඔවුහු චෝදනා කර තිබේ.

මීට අමතරව BBC විසින් ද ලෝකයට හෙළිදරවු කරන ලද ලිපිගොනු ,කඳවුරු වලින් කාන්දු වූ අත් ගිණුම්, සමූහ දූෂණ පිලිබඳ , ලිංගික අපයෝජන, ඝාතන සහ වාර්ගික සුළු ජාතීන්ට වධහිංසා පැමිණවීමේ තොරතුරු සංවිධානාත්මක පද්ධතියක් මඟින් සිදු වන බවට තොරතුරු අනාවරණය කර තිබේ. මේ අනුව බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම, වන්ධ්‍යාකරණයෙන් කිරීම ආදී බරපතල චෝදනාවන් මෙන් ම උයිගුර්වරුන්ගේ ආගමික සහ අනෙකුත් නිදහස ක්‍රමානුකූලව උදුරා දමන බවට මානව හිමිකම් කණ්ඩායම් චීන රජයට චෝදනා කර ඇත.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විවිධ රටවල් අවධානයෙන් සිටි අතර පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදය විසින් බලහත්කාර කම්කරු වැළැක්වීමේ පනත (UFLPA)ට අනුව වහල් කම්කරු ශ්‍රමයෙන් චීනයේ නිෂ්පාදිත Xinjiang පළාතේ භාණ්ඩ තහනම් කරන ලදි.

මේ සියලුම චෝදනාවන් චීනය විසින් ප්‍රතික්ෂප කර ඇති අතර ෂින්ජියැං හි කඳවුරු ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට භාවිතා කරන මධ්‍යස්ථාන බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ මෙය ඇතැම් බාහිර බලවේග විසින් ගොතන ලද අභූත බොරුවක් වශයෙනි.

මෙම වාර්තාවට අනුව අත්තනෝමතික ලෙස නිදහස අහිමි වූ සියලුම පුද්ගලයින් නිදහස් කිරීමට චීනය වහාම පියවර ගත යුතු බව එක්සත් ජාතීන් නිර්දේශ කර තිබේ.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ලෙස වසර හතරකට පසු බැචලට් මහත්මිය රැකියාවට ගිය අවසන් දිනයේ දී මෙම වාර්තාව නිකුත් කරනලද අතර මේ පිළිබඳව ඇය ප්‍රකාශ කර තිබුණේ වාර්තාව ප‍්‍රසිද්ධ කිරීමට හෝ ප‍්‍රකාශයට පත් නොකිරීමට තමන් දැඩි පීඩනයකට ලක්ව සිටි බවයි.

සශිකලා මධුෂාණී_අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan