SLFP මධ්‍යම කාරක සභාව උණුසුම් -මෛත්‍රීට බැන බැනම නිමල් යන්න යයි(VIDEO)

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01)පස්වරුවේ එම පක්ෂ මුලස්ථානයේදී රැස්විය.

මෙහිදී එම රැස්වීම ඉතා උණුසුම් වී තිබෙන අතර ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් මාධ්‍යයට අදහස් දැක්වීමක්ද සිදුකළේය.

අද මධ්‍යම කාරක සභා රැස්වීමට පක්ෂයේ සභාපතිවරයාට ඕනෑම නිලධාරියෙක් ඉවත් කිරීමේ බලය සහිත ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් තිබෙන අතර ඊට මන්ත්‍රී කණ්ඩායමක් විරෝධය පළකර ඇතත් ඊට මහාචාර්යතුමන්ලා පක්ෂ වූ බවයි නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවති ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම ගැන කණගාටුව පළකරන බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව...

ශ්‍රී ලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය” ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවෙයි !

ශ්‍රී ලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු...

ආපදාවලට ලක්වන ධීවරයන් ගැන සොයා බැලීමට පැහැදිලි යාන්ත්‍රණයක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල හලාවත ධීවර වරායෙන් ධීවර රැකියාවට ගොස්...