Home විශේෂාංග Coachella 2026- සබ්‍රිනාගේ සුරූපී සංගීතයත්, ජස්ටින්ගේ Youtube පෙරළියත් සමඟින් ඇරැඹුණු ‘Dream Lineup’ එකක්! 

Coachella 2026- සබ්‍රිනාගේ සුරූපී සංගීතයත්, ජස්ටින්ගේ Youtube පෙරළියත් සමඟින් ඇරැඹුණු ‘Dream Lineup’ එකක්! 

සටහන – පුලී

අප්‍රේල් 20, LNW (කොළඹ): Coachella Valley Music and Arts Festival 2026 පසුගිය සති අන්තයේ ආරම්භ වූයේ Sabrina Carpenter, Justin Bieber සහ Karol G ප්‍රමුඛ පෙළේ සංගීත ලෝකයේ මහඟු තරු සමුදායක් සමඟිනි. Sombr, Moby, Sexyy Red, Addison Rae සහ තවත් බොහෝ විශ්මිත ශිල්පීන්ගේ කැපී පෙනෙන රංගනයන්ට ස්තූතිවන්ත වෙමින් පළමු සති අන්තය විශාල අන්තර්ජාල කැලබිල්ලක් ඇති කිරීමට Coachella සමඟ එක් විය. 

දෙවන සති අන්තය පැමිණ ඇති අතර, පසුගිය සති අන්තයට වඩා විශාල ජනකායක්, වැඩි ශක්තියක් සහ අමතක නොවන සිදුවීම් රාශියක් ගෙන ඒමට මෙම සති අන්තයේද Coachella ට හැකි විය. Coachella 1999 දී ආරම්භ වූ අතර එය පහසුවෙන් ලෝකයේ විශාලතම සහ වඩාත්ම පිළිගත් සංගීත උළෙලක් බවට මේ වනවිට පත්ව ඇති අතර, එය කෙසේ හෝ සෑම වසරකම අමුතු ආකාරයේ අත්දැකීම් ප්‍රේක්ෂකයාට ලබා දීමට කටයුතු කරන මහා පරිමාණයේ උත්සවයකි.

ඇඩිසන් රේ, පොප් ගායිකා ඔලිවියා රොඩ්රිගෝ කැඳවා ගෙන ඒමෙන් රසිකයන් පුදුමයට පත් කළ අතර ඇය ඇගේ නවතම ගීතය වන “drop dead” රථම වරට සජීවීව ඉදිරිපත් කළාය. ඔලිවියාගේ ඉදිරි තුන්වන ඇල්බමය වන ‘you seem sad for a girl so in love’ හි මෙම ගීතය දිස්වන අතර එය අප්‍රේල් 17 වන දින නිකුත් කිරීමෙන් පසු ගීතයේ මංගල රංගනය මෙලෙස සනිටුහන් කරන්නට විය. පළමු වන සති අන්තයේදී, Sombr “1979” ගායනා කිරීම සඳහා රොක් පුරාවෘත්තයක් වන බිලී කෝර්ගන් ද ගෙන ආවේය. Sombr එතැනින් නතර වූයේ නැත. දෙවන සති අන්තයේහි දී Sombr රොක් නිරූපක බිලී අයිඩල් සහ ගිටාර් වාදක ස්ටීව් ස්ටීවන්ස් වේදිකාවට ගෙනැවිත් “Eyes Without a Face” ද ඉදිරිපත් කළේය. Karol G දෙවන සති අන්තයේ ඇගේ රඟ දැක්වීමට සූදානම්ව සිටි අතර, ඇය දැනටමත් Coachella ඉතිහාසයේ පළමු ලතින් ඇමරිකානු රංඟනශිල්පිනිය ලෙස ඉතිහාසයට එක් වී ඇත.

Coachella හි සබ්‍රිනා කාපෙන්ටර් සහ ජස්ටින් බීබර්ගේ රඟ දැක්වීම් පැමිණසිටිවුන්ලාගේ ඇස් උඩ යන ආකාරයේ ප්‍රේක්ෂක ආදරයක් ලැබීමට තරම් පොහොසත් වීය.

Sabrina Carpenter and Justin Bieber Stole Coachella Weekend One With Major Surprise Moments!

Getty Images Sabrina Carpenter's Coachella Music Festival billboard
Carpenter’s headliner set had a classic Hollywood theme
REUTERS/Daniel Cole People attend the Coachella Valley Music and Arts Festival in Indio, California, U.S., April 10, 2026.
Coachella is one of the most high-profile music festivals in the world

අප්‍රේල් 10 වන දින Coachella වේදිකාවට පිවිසි සබ්‍රිනා කාපෙන්ටර් වීමත් සමඟ අපේක්ෂාවන් ඉහළ මට්ටමක පැවතුනි. සබ්‍රිනා කතා මාලාව කළු-සුදු චිත්‍රපට නොයාර් ආභාෂය ලත් හැඳින්වීමකින් ආරම්භ වූ අතර එය ඇගේ ගායනමය රංගන කුසලතා ඉස්මතු කර දැක්වූ අතර පසුව හොලිවුඩයට ගොස් ශොව්ගර්ල් කෙනෙක් දක්වා ඇයගේ භූමිකාව වටා කේන්ද්‍ර කරගත් ආකර්ෂණීය කතා වස්තුවකට මාරු විය.

ඇය ඇගේ අංක 1 ඇල්බමයේ “Man’s Best Friend” හි නවතම ගීතය වන “House Tour” සමඟින් ප්‍රසංගය ආරම්භ කළාය, එය සබ්‍රිනාගේ ලෝකය හරහා සම්පූර්ණ සංචාරයක් මෙන් දැනුණි. ඇය ඇගේ “Sabrinawood,”හි “Taste,” “Busy Woman,” “Please Please Please.” යන නිර්මාණයන්ගෙන් අලංකාර ෆැන්ටසියක් ප්‍රේක්ෂකයාට ගෙන ඒමට සමත් විය.

සබ්‍රිනා ඇගේ ඉදිරිපත් කිරීම් අවසන් කළේ අමතක නොවන “Tears” හි රංගනයකිනි.

සෙනසුරාදා රාත්‍රිය ජස්ටින් බීබර්ගේ ඉදිරිපත් කිරීම සඳහා ඊටත් වඩා අපේක්ෂාවෙන් පිරී තිබූ රාත්‍රියක් වූ බව රහසක් නොවේ. වාර්තා පිට වාර්තා තබමින්, බීබර් Coachella වේදිකාවට නැවත පැමිණීම දැකීමට රසිකයන් සහ සෙසු කලාකරුවන් කොතරම් උනන්දුවෙන් සිටියාද යන්න ද පුදුමයට කරුණක් නොවේ.

සබ්‍රිනා අපට නාට්‍යමය රංගනයන් ලබා දුන් අතර ජස්ටින් සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවේශයක් Coachella වේදිකාවට ගත්තේය. ජස්ටින්ගේ ඉදිරිපත් කිරීම වඩාත් පෞද්ගලික, සමීප සහ ඔහුගේ සංගීතයේ යුග හරහා ගමන් කරන සමූහයා සමඟ තනි අත්දැකීමක් මෙන් දැනුනි.

ලැප්ටොප් පරිගණකයක් සහ යූ ටියුබ් හරහා ඔහුගේ මතක මාවත දිගේ ඇවිද ගිය ජස්ටින් “Baby,” “Beauty and a Beat,” “Never Say Never,”  වැනි ඔහුගේ සම්භාව්‍ය ජනප්‍රිය ගීත ඉදිරිපත් කරමින්, එමඟින් බීබර්මේනියාවේ අතීතකාමය සඳහා ප්‍රේක්ෂකයින් සම්පූර්ණයෙන්ම රැඟෙන යන්නට විය. 

පළමු සති අන්තයේ සිනමාත්මක තේමාව සමඟින්, මෙවර ආති අන්තය සබ්‍රිනා විසින් පොප් රැජින වන මැඩෝනා එළියට ගෙන ආ රාත්‍රියේ විශාලතම මොහොත සිදුවිය.

මේ අතර, ජස්ටින්ගේ Coachella දෙවන සති අන්තය නැවුම් පුදුමයන් සමඟින්, බිලී අයිලිෂ් වේදිකාවට පැමිණීම එඳින රාත්‍රියේ වඩාත්ම කතාබහට ලක් වූ මොහොතක් විය, ඔහු බිලීට “One Less Lonely Girl” ගායනා කළේය. 

කලාකරුවන් සියල්ලෝම Coachella වේදිකාවට සම්පූර්ණයෙන්ම වෙනස් ශෛලීන් ගෙන ආ නමුත්, එක් එක් අය අමතක නොවන බවක් දැනුණු රංගනයන් ඉදිරිපත් කළහ. 2026 Coachella පුරා දක්නට ලැබුණු කැපී පෙනෙන රංගනයන්ගෙන් පසු රසිකයින් ඉදිරි වසර ගණනාව තුළ මේ ගැන වඩාත් කතාබහට ලක් කරනු ඇතැයි විශ්වාසයයි!