අයවැය ඡන්ද විමසීම අද – සජබ, ඩලස් පාර්ශ්වය මාරු වෙයි !

Date:

ඉදිරි මාස 04 සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා.

අතුරු අයවැය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව මාධ්‍ය වෙත තහවුරු කර තිබේ.

මේ අතර පසුගියදා විපක්ෂයට එකතු වූ, පොදුජන පෙරමුණේ ඩලස් කණ්ඩායමද ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළ බව එම පක්ෂයේ ප්‍රධානියෙකු වන පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා පවසනවා.

ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන පොදුජන පෙරමුණේ කණ්ඩායම අයවැයට පක්ෂ වන බව මේ වනවිටත් ප්‍රකාශයට පත්කර තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් අයවැයට පක්ෂ වන්නේද විරුද්ධ වන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹ නොමැත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...