අවුන් සාන් සූකීගේ සිරදඬුවම් කාලය වසර 20 ක් දක්වා දීර්ඝ වෙයි

Date:

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සූකී මහත්මියට වසර 03 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් පනවා තිබෙනවා.

එරට හමුදා පාලනය විසින් මැතිවරණ වංචාවක් සම්බන්ධයෙන් සූකී මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම දඬුවම පනවා තිබෙනවා. මීට පෙර ඇයට වසර 17 ක සිරදඬුවමක් නියම වූ අතර ඒ අනුව ඇයගේ දඬුවම් කාලය වසර 20 ක් දක්වා දීර්ඝ වී තිබේ.

මියන්මාරය හමුදා පාලනයට නතුවීමෙන් අනතුරුව පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ නායකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විවිධ චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා.

අවුන් සාන් සූකී මහත්මියට එරෙහිව තවත් චෝදනා රැසක් එල්ල කර ඇති අතර එම චෝදනා ඔප්පු වුවහොත් ඇයට වසර 200 කට අධික සිරදඬුවම් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...