කාන්තාවන් ලිංගික ශ්‍රමිකයින් බවට පත්වෙලා.වහාම ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය විසඳන්න -මන්ත්‍රී ඩයනා ඉල්ලයි

Date:

මේ වනවිට මෙරට ග්‍රාමීය ප්‍රදේශවල විශේෂයෙන් කාන්තාවන් මුහුණ දී සිටින ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධ ගැටළුව පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය අයවැය විවාදයේදී අවදානය යොමුකර තිබුණි.

දැනටමත් එම ප්‍රශ්නය හේතුවෙන් කාන්තාවන් 200කට වැඩි දෙනෙක් සියදිවි නසාගෙන තිබෙන අතර මෙකී ප්‍රශ්නයෙන් කාන්තාවන් නිදහස් කරගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සහ මහ බැංකුවේ අවධානය යොමුකරන ලෙසයි මන්ත්‍රීවරිය ඉල්ලාසිටියේ.

ඇතැම් ආයතන මහබැංකුවේ නියාමනයට හෝ යටත් නැති බවත් එම ක්ෂුද්‍ර මූල්‍ය ණය පොළිය 30%සිට 240%දක්වා විහිදෙන බවත් ඇය කියාසිටියා.

ණය ගෙවා ගැනීමට නොහැකි වීම මත බොහෝ කාන්තාවන් ලිංගික ශ්‍රමිකයින් බවට පත්ව සිටින හෙයින් වහාම මෙම ප්‍රශ්නයට විසඳුමක් දිය යුතු බවයි මන්ත්‍රීවරිය අවධාරණය කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...