අයවැය 115 ක බහුතර ඡන්දයෙන් සම්මතයි – ආණ්ඩු පක්ෂය 134 සිට 120 දක්වා පල්ලම් බහී

0
417

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේදී පැවැත්විණි.

අයවැයට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 05 ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 115 කින් අයවැය සම්මත විය.

කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය සතු මන්ත්‍රීවරුන් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා. ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134 ක් ලැබී තිබුණු අතර ඒ අනුව එම ඡන්දයේදී ආණ්ඩු පක්ෂය සතු වූ මන්ත්‍රී ආසන 14 ක් මෙවර අහිමි වී තිබේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නොපැමිණෙන බව කල්තියාම දැනුම් දී තිබිණි.

සමගි ජන බලවේගය, පොහොට්ටුවේ ඩලස්-ජීඇල් පාර්ශ්වය ඇතුළු කණ්ඩායම් කිහිපයක් ඡන්දය දීමෙන් වැළකී සිටින බව කලින්ම ප්‍රකාශ කර තිබිණි.

UN