ලංකාවෙ ක්‍රීඩාවට දක්ෂයො ඉන්නවා.ඒ අයට විදෙස් පුහුණුවක් දෙමු.
මේක යෝජනාවක් විදිහට කාලයක ඉඳන් ඇහෙන දෙයක්.ඒකට හේතුව දක්ෂ පුහුණුකරුවො නැහැ කියන එක ද?නැහැ පුහුණුකරුවන්ට දැණුම භාවිතයට පහසුකම් ප්‍රමාණවත් පරිදි නැහැ.මේ ඇත්ත එක්ක ක්‍රීඩකයො මහන්සියෙන් රටට ගෞරව ගේන අවස්ථා තියෙනවා.හැබැයි ක්‍රිකට් ඒ තත්ත්වයේ නැහැ.ජාත්‍යන්තර මට්ටම දක්ෂතා සුසර කළ හැකි පසුබිමක් තියෙනවා.හොඳින් මුදල් ගැවසෙනවා.පහුගිය ටිකේ ඔවුන් අනිත් ක්‍රීඩාවලටත් මුදල් දුන්නා.
ක්‍රිකට් දැන් පිට්ටනියෙ විතරක් ගහන ක්‍රීඩාවක් වෙමින් පවතිනවා.වෙනම ආකාරයේ ප්‍රචාරන ව්‍යාපෘතියක් වෙනුවෙන් හීං සීරුවෙ ක්‍රිකට් විකිණෙනවා.සමාජ මාධ්‍ය ජාලාවල ඒ විකිණුම් සංදර්භයට දැන හෝ නොදැන රොක් වෙන පිරිස් ක්‍රිකට් බලන්න හිතෙන වාලාසිතාවකට ඡේදනය කරමින් ඉන්නවා.කාලේ කා දමන සෙල්ලම 20/20 ආකාතියත්,මතුව එන 10/10 ආකෘතියත් ඇතුළෙ ක්‍රියාකාරී ප්‍රෙක්ෂකාගාරයකට විඳින්න දඟළන්න හැකි සීමාවකට එමින් ඉන්නවා.ඒ පැමිණීම ඇතුළෙ ක්‍රිකට්වලට එබෙන ඔළු ප්‍රමාණය වැඩි කර ගැනීම ඇත්තටම වානිජ උපක්‍රමයක්.ඒ වානිජ උපක්‍රමයෙ වාහකයො විදිහට දැනගෙන හෝ නොදැන( සමහර විට ඉහළ මිලකට) ක්‍රීඩකයො පාව්චිචි වෙනවා.
පසුගිය දිනවල බංගලාදේශය එක්ක හැප්පුණේ අන්න ඒ විදිහෙ ව්‍යාපෘතියක්.ඒකෙ අන්තිමට ටිකක් බර සරලම සරල නොවන උත්තරයක් හම්බවෙන්නෙ මහේෂ් තීක්ෂණගෙ සමාජ ජාලා පිටුවකින්.
”ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයො අවශ්‍යය නැහැ හොඳ සහෝදරයො 11 ක් ඉන්නවනම්”
තීක්ෂණගෙ කතාව හරි බරයි.ක්‍රිකට් කියන්නෙ කණ්ඩායම් ක්‍රීඩාවක්.මේකෙ එක හැඟීමකින් සියල්ල දුවන්න ඕනි.හැමෝම වගකීමක් ඉෂ්ඨ කරන්න ඕනි.එකොළහටම එකම නහර පද්ධතියක් වැඩ කරනවා වගේ සමාන හැඟීමකින් මුසුවෙන්න ඕනි.කණ්ඩායම් ක්‍රීඩාවක ජයග්‍රහණයේ අනන්‍යතාවය පිළිඹිඹු කරන ඒ කතාව වැදගත් වගේම මුහුණු පොතට එබුණාම බංගලිදේශයේ අය පරාජයෙන් කම්පා වෙමින් ශ්‍රී ලංකාව හඳුන්වන හැටිත් හරිම වේදනාත්මක හැඟීම් උපදවන්නක්.
සටහන මුලට යෙදුණු කතාවම මෙතැනට ආදේශ කරන්න.ජයග්‍රහණ අඩු ඊට සුදුසු පොළවක් නැතිකම නිසයි.ඒ පොළව හදන්න අපෙන් වගකීම භාරගන්න අය ඒ දේ කරනවද නැද්ද කියන කාරණයට වඩා අදත් අපි පත් කළ ගොනා අපට හොදා කියා කඹුරන්න සූදානම් පිරිසකුත් ඉන්නවා.පාලකයා හදෙන්නෙ අන්න ඒ අයගෙ ආශිර්වාදය මතයි.ඒ නිසාම ඒ අයත් ක්‍රීඩක හැකියාව රටට උපයන මාර්ගයක් කරගන්න බැරි වීම පිටුපස්සෙ තියෙන ප්‍රධාන කාරණය පාලක නොහැකියාව කියන එක අපට පිළිගන්න සිඳුවෙනවා.
SRI LOANKA බොහෝ බංගලාදේශ වැසියන්ට අනුව අපේ රටේ නමට ලංකා කියා ඉංග්‍රීසියෙන් ලියද්දි “එල්” අකුරටත් “ඒ” අකුරටත් පසුව “ඕ” අකුරක් යොදනවා.එවිට ලෝන් යන්න ඊට බද්ධ වි ණය අදහස මතුවෙනවා.
බංගලාදේශය ලෝකෙ ණය දෙන රටක් නෙමෙයි.ලෝකයේ ණය සපයන මට්ටමට තියෙන සම්ප්‍රදායික රටක් හෝ එහි පුරවැසියන්ට මේක මැජික් එකක් නොවුණට බංගලාදේශයෙන් ණය ගන්න එකෙක් ඉදීම ඔවුන්ට හිතාගන්න බැරි තරමෙ ජයග්‍රහණයක්.ඇත්තටම බංගලාදේශය කියන්නෙත් විශාල දැණුමක් සහිත දේශයක් නොවේ.යාන්තමට හිස ඔසවමින් සිටින රටක්.එහෙම රටකින් ණය ගන්න තත්ත්වයේ රටකට හොඳම නම හිඟන්නෙක් කියන එක.ඒ විදිහෙ හිඟන රටක් අපට අත් කර දීලා තියෙන ඉරණම දක්ෂ මනුස්සෙක්ට පවා අපකීර්තියක්.
මේකෙ පහතින් දක්වා තිබෙනවා සමාජ ජාලයක පළ වූ අදහසක්.ඒක කියවන්න මදකට.”ප්ලාස්ටික් සිංහයෙක් සහිත දුප්පත් රටක්” මේ ක්‍රිකට් නිසා බංගලාදේශ පුරවැසියාගේ හිත තුළ අපි සම්බන්ධයෙන් ඇති වෙන්න ඕනි හැඟීමද?
ඇත්තටම බංගලාදේශයේ ක්‍රිකට් තියෙන්නෙ කා නිසාද?
චන්දික හතුරුසිංහගේ සිට හොඳ අතට හැරුණු ක්‍රිකට්,වර්ථමානයේ රංගනගෙ මඟ පෙන්විම යටතේ තියෙන දඟ පන්දු බල ඇණිය සහිත ක්‍රිකට්…
මේ කාරණාවලට ඉස්සර පදනම හැටියට කාල්ටන් බර්නාඩ්ස්,සෙනරත් අල්විස් වගේම ගාමිණි සිල්වා වගෙ ලාංකිකයන් තමයි බංගලාදේශයේ ක්‍රිකට් පැළ හඳුනාගන්න බෝ කරන්න විතරක් නෙමෙයි බිම හදන්නත් මැදිහත් වුණේ.එහෙම රටකින් ඒ ගෞරවය වෙනුවට මේ රට හිඟන්නන්ගේ භූමියක් හැටියට හඳුන්වන්නේ සහ අපහාස කරන්නේ පාලකයන්ගෙ නොදියුණු ජඩකම් නිසා ශ්‍රී ලංකාව වැටී තිබෙන තත්ත්වය නිසයි.
LANKA – LOANKA බවට පත් කරපු පාලකයන්ට මේ දේ දැනෙනවද? දැන් හිටපු ජනාධිපතිවරයා ලංකාවට ආවා.ඔහු මාස ගණනක් පළා ගිහිං මේ රටින් පිට ජීවත් වුණේ තමන්ගෙ මුදලින් කියල කියනවා.ඒකෙ ඇත්ත නැත්ත පැත්තක තියලා අපි හිතමු.බංගලාදේශයෙන් ණය ගන්න ණය ගැනීම නිසා ලැජ්ජාවට පත්වෙන්න පුරවැසියො නිර්මාණය කරපු නායකයෙක්ට මේ රටේ එදා වේල කන්න බැරි පුරවැසියො ඉද්දි මාස ගණනක් ලෝකෙ පුරා සංචාරය කරන්න මුදල් තියෙන එක අවුලක් නැද්ද?
අපේ රටේ ක්‍රිකට්වල අවුල් තියෙනවා.හැබැයි මේ රටේ පුරවැසියා කියන සාධකය ඊට වඩා නොතේරුම් සහගතවිම තමයි විශාලම අවුල.ඔහුට ලැජ්ජාව අවමානය හිමි වුණාට ඒකෙන් භෞතික වශයෙන් ජීවිතය සංතර්පනය කරන්න දෙයක් නොලැබුණාට,ඒ සියල්ල පින් පව් අනුව නොවේ පාලකයා විසින් තමන්ට උරුම කර දෙන දේ කියන එක නොතේරීම තමයි විශාලම අවුල.
ඔබට ඒක හිතෙන්න තියෙන ඉඩ වැහිලා තියෙන්නෙ කොතැනද?
“මට ප්‍රශ්නයක් නැහැ.මට මොනව හරි කරගන්න පුළුවන් කියලා අතට කීයක් හරි ලැබෙන්න ඉතුරුවෙලා තියෙන ඉඩෙන්.”
ඒ නිසා ජයග්‍රහණයට අවශ්‍යය හැකියාව මත පහරා තිබෙන දේශපාලනයේ වසුරු ක්‍රිකට් ගැන සතුටු වෙන හැඟීමටම එකතු කරගෙන ඉවත් කරන්න හදන පුරවැසියෙක් වීම මේ මොහොතෙ වගකීමක්.බංගලාදේශය කොතැනද තිබුණෙ අපට අද මෙහෙම කතා කරාට කියන කාරණය පදනම් කරගෙන අතීත පුරාජේරුව ගැසීම තේරුමක් නැහැ.ඔවුන් අපට කර දෙයක් නැහැ.අපි අපිම විනාශ වෙලා එයාලට පහළ තැනකට වැටිලා.ඒ වගෙ වෙලාවක බංගලාදේශයෙනුත් උදව් ගන්න තත්ත්වයට අපිව පත් කළ අය එක්ක මිස ගණුදෙනුව බංගලාදේශයේ ඉතිහාසය අරගෙන ඒ අය එක්ක විසඳගන්න යන එක තේරුමක් නැහැ.
අපි අපිට LOANKA කියන තත්ත්වයට පත් කරපු ක්‍රමය වෙනස් කර ඕ අකුර අයින් කරන්නනම් බංගලාදේශ පුරා වෘත සමඟ අපේ එකල පෞරුෂය සංසන්දනය කර වැඩක් නැහැ.අපේ ඕ අයින් කිරිම සිද්ධවෙන්න ඕනි අපේ ක්‍රමය වෙනස් කිරිමෙන් හෝ ක්‍රමය පවත්වාගෙන යන්නන් වෙනස් කිරීමෙන්.
කොහොම නමුත් ශ්‍රී ලංකාව දැඩිව අපහසුවට පත් කරන අන්දමේ මෙහෙදි හසන්ගෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රශනය හිමි ලකුණ උඳුරා ගත්තා.ඒ වගෙම ඒ වචන ඔහුට ඇති කර තිබුණ පීඩනය නිසාම නිපන්දු දෙකක්ම ඔහු අතින් යොමු වුණා.එකකදි දැවී ගිය කඩුල්ලක් ඔවුන්ට අහිමි වුණා.දෙවන අවස්ථාවේදි ජයග්‍රහණය හිමි වුණා.
ඒ ගැන සකීබ් අල් හසන් දඟ පන්දු යවන්නෙක්ගෙ නිපන්දු යැවීම අති විනාශකාරී දෙයක් බව පවසමින් මෙහෙදි හසන්ව වක්‍රකාරයෙන් අපහාසයට ලක් කරන්නත් පෙළඹෙනවා.සිද්ධ වුණේ මෙහෙදි විසින් කළ දේ ට ඔහුට දඬුවම් පැමිණවීම සහ දඬුවම් ලැබීමයි.මේක හොඳ පාඩමක්.
මේ අපිට එන අපහාස බංගලාදේශය කරපු දෙයක් නිසා නොවේ.
RM