මැයි මාසයේ දින තුනක් මත්පැන් අලෙවිසැල් වසා දැමීමට තීරණයක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 24, කොළඹ LNW :

ජාත්‍යන්තර කම්කරු දිනය සහ වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මාසයේ දින තුනක් දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ජාත්‍යන්තර කම්කරු දිනය (මැයි දිනය) සැමරීම සඳහා මැයි 1 වන දින මත්පැන් අලෙවිසැල් වසා තබනු ඇත.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය යෙදෙන මැයි 30 වන දින සහ වෙසක් පුර පසළොස්වක පොහොය දිනට පසු දින මැයි 31 වන දින සියලුම මත්පැන් අලෙවිසැල් ද වසා තබන බව දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර, මහා නාහිමිවරුන්ගේ ඉල්ලීමකට අනුව මැයි 30 වන දින වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සමරන බව රජය පැවසූ අතර, මැයි 31 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඊට අමතරව, මැයි 27 සිට ජුනි 2 දක්වා රාජ්‍ය වෙසක් සතිය ප්‍රකාශයට පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Nvidia ආන්දෝලනයෙන් පසු සිංගප්පූරු AI සමාගමකට ඇමරිකාවෙන් දැඩි තීරණයක්! 

සටහන – පුලීනොවැම්බර් 24, LNW (කොළඹ): Nvidia සමාගම සම්බන්ධයෙන් පසුගිය කාලයේ...

ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක ප්‍රබල භූමිකම්පාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 24 : ඉන්දියන් සාගරයේ...

දියවැඩියා සහ හෘද රෝගී ප්‍රතිකාර වෙනුවෙන් කැබිනට් අනුමැතීන් දෙකක්!

කොළඹ LNW:දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කෙරෙන බයිපසික් අයිසොෆේන්...