Home පුවත් ක්‍රී​ඩා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය අසංග සෙනවිරත්නට

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය අසංග සෙනවිරත්නට

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික කමිටුවේ සභාපති ධුරය සඳහා අසංග සෙනවිරත්න මහතා පත්ව තිබේ.

මේ සඳහා වූ නිලවරණය ඊයේ (25) දිනයේදී පැවති අතර එහිදී ඡන්ද 16ක් ලබාගනිමින් අසංග සෙනවිරත්න මහතා ජයග්‍රහණය කර ඇත. ඒ අනුව ඉදිරි වසර 04ක කාලය සඳහා ජාතික ඔලිම්පික කමිටුවේ සභාපති ධුරය ඔහුට හිමිවේ.

මෙවර නිලවරණයේදී ජාතික ඔලිම්පික කමිටුවේ සභාපති ධුරය සඳහා තරගවැදීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ උපසභාපති ශිරන්ත පීරිස් සහ ශ්‍රී ලංකා බේස් බෝල් සම්මේලනයේ සභාපති අසංග සෙනෙවිරත්න ඇතුළු අපේක්ෂකයින් 5 දෙනෙකු නාමයෝජනා භාරදී තිබිණි.