*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

ගිනි අවුලා පිදුරු දමා නැවත පෙට්‍රල් ද දමන ඇමරිකාව – තායිවානයට ඩොලර් බිලියන 1.1 ක යුධ ආයුධ අලෙවියක්!

තායිවානයට ඇමරිකානු ඩොලර් බිලියන 1.1 කට අධික වටිනාකමකින් යුක්ත යුධ ආයුධ අලෙවි කිරීමට එක්සත් ජනපදය කටයුතු කරනු ඇති බවට පෙන්ටගනය තහවුරු කර තිබේ.

ඊයේ (02) දින නිකුත් කළ නිවේදනයකට අනුව, නැව් නාශක මිසයිල 60ක් සහ ගුවන් ප්‍රහාර මිසයිල 100ක් ඇතුළු ඇමරිකානු ඩොලර් බිලියන 1.1 කට අධික යුධ ආයුධ තායිවානයට අලෙවි කිරීමට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබේ.

මෙම ආයුධ අලෙවි පැකේජයට නිරීක්ෂණ රේඩාර් වැඩසටහනක් සඳහා අවශ්‍ය කොන්ත්‍රාත්කරුවන්ගේ සැපයුම් සහාය ද ඇතුළත් බව පෙන්ටගනයේ ආරක්ෂක සහයෝගීතා ඒජන්සිය නිවේදනය කර තිබේ.

මෙසේ තායිවානයට යුධ ආයුධ අලෙවි කිරීමට එක්සත් ජනපදය කටයුතු කර තිබෙන්නේ චීනය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වයට මුහුණ දීම සඳහා බවට වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙබ් අඩවිය වාර්තා කරයි.

එම වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට, පෙන්ටගනය එක්සත් ජනපදයේ විදේශ මිතුරු රාජ්‍ය වලට යුධ ආයුධ අලෙවි කිරීම සඳහා වූ පරිපූර්ණ වැඩපිළිවෙලක් සකස් කරන අතර, චීනය වැනි රටවල් සමඟ ඇති තරඟකාරීත්වයට මුහුණ දීම මෙහි අරමුණ වී තිබේ.

රුසියානු – යුක්රේන යුධ තත්ත්වය හමුවේ යුක්රේනයට යුධ ආධාර ලබා දී තිබෙන්නේ ද මෙම යාන්ත්‍රණය හරහා ම බවයි වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

පෙන්ටගනය ඉකුත් මස ඇමරිකානු ඩොලර් බිලියන ගණනක යුධ ආයුධ සිය මිතුරු රාජ්‍ය වලට අලෙවි කිරීමේ දී සිදුවන දිගුකාලීන අකාර්‍යක්ෂමතාවයන් පරීක්ෂා කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ද පිහිටවූ බව එම වෙබ් අඩවිය අනාවරණය කරයි.

ගෝලීය ආර්ථිකය තුළ චීනයේ භූමිකාව අඩපණ කිරීමේ අරමුණින් එක්සත් ජනපදය චීනයේ අසල්වැසි රාජ්‍යයක් වන තායිවානය සමඟ සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කරගන්නා බවට ප්‍රකාශ කර ඇති අතර, මෙය කලාපය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බව සඳහන්.

තායිවානය චීනයෙන් ස්වාධීනව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වා ගන්නා මුත්, එය තවමත් චීනයේ කොටසක් බවට විශ්වාස කරන චීනය මීට උරණ වී තිබේ. මෙමඟින් චීනය සහ එක්සත් ජනපදය අතර උරණ වීම වැඩිවී ඇති සේම, තායිවානය සහ චීනය අතර තිබෙන උරණ වීම ද උඩුදිව යාම සිදුව ඇති බව පෙනෙන්නට තිබේ.

මීට දින දෙකකට පමණ ඉහත දී තායිවාන ආරක්ෂක අමාත්‍යංශය විසින් එරට පාර්ලිමේන්තුව වෙත දැනුම් දී තිබුණේ ඇමරිකානු නාවික යාත්‍රා වලට ප්‍රහාර දියත් කිරීමට චීනය සූදානමින් සිටින බවට බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවයි.

දැනටමත් රුසියානු – යුක්රේන යුධ තත්ත්වය නිසා ගෝලීය ආර්ථිකයට ප්‍රභල ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එය බලශක්ති, ආහාර ඇතුළු ක්ෂේත්‍ර රැසකට බලපා තිබේ. මෙවන් අවස්ථාවක ලෝකයට තවත් යුධ තත්ත්වයක් කිසිසේත්ම අවශ්‍ය නොමැති අතර, මෙම අර්බුදය හමුවේ එක්සත් ජනපදය හැසිරෙන අන්දම මත කලාපීය සාමය බිඳවැටුනහොත් එය ගෝලීය ආර්ථිකයට ඇතිකරන බලපෑම කෙසේවෙතත්, තුන්වන ලෝක යුද්ධයක් ඇති කළහොත් අප පුදුම නොවිය යුතු ය.

ඡායාරූප: රොයිටර්

සබැඳි ලිපි:

Isuru Parakrama_OBT

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan