ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකා ආරක්ෂක ලේකම් ප්‍රථමවරට නීති සම්පාදකයින්ගෙන් ප්‍රශ්නවලට මුහුණ දීමට නියමිතයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට කොංග්‍රසය ඉදිරියේ හෙට (30)දිනයේදී ප්‍රශ්නවලට මුහුණ දීමට සුදානම් බව වාර්තා වේ.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මාස දෙකකට පෙර ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කළ දා සිට ආරක්ෂක ලේකම්වරයා හෙවත් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති හෙග්සෙත් සහ ජෙනරාල් ඩෑන් කේන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි මුත්, ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමට නීති සම්පාදකයින්ට අවස්තාව ලබා දෙන පළමු අවස්තාව මෙයයි.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රී මණ්ඩල කමිටුවේ ඩිමොක්‍රටික් නියෝජිත ජේසන් ක්‍රෝ, සඳහන් කර තිබුණේ, මෙම විනාශකාරී යුද්ධය සම්බන්ධයෙන් පීට් හෙග්සෙත්ට පිළිතුරු දීමට බොහෝ දේ ඇති බවයි.

මෙහිදී දැරිවියන් 175 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ ඉරාන බාලිකා පාසලකට එල්ල කරන ලද ප්‍රහාරය හා ඉරානයට එරෙහි යුද්ධයේදී සිවිල් වැසියන්ට සිදු වූ හානි සම්බන්ධයෙන් හෙග්සෙත් පරීක්ෂාවට ලක් වීමට ඉඩ ඇති අතර යුද්ධය සඳහා එක්සත් ජනපදයේ උපායමාර්ගික තාර්කිකත්වය, එක්සත් ජනපද-ඊශ්‍රායල බෝම්බ හෙලීමේ ව්‍යාපාරයේ ඵලදායීතාවය, ටෙහෙරානයෙන් පළිගැනීමේ ප්‍රහාර සඳහා එක්සත් ජනපදයේ සූදානම, හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හදිසියේ වෙඩි තැබීම්, සේවයෙන් පහ කිරීම් සහ තවත් බොහෝ දේ පිළිබඳව ප්‍රශ්න කරනු ඇතැයි අපේක්ෂා කෙරේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...