වෙන ආණ්ඩු මීට පස්සේ නෑ. අනාගතය පුරාම මාලිමාවේ ආණ්ඩුව විතරමයි – ටිල්වින් සිල්වා

මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ වෙනත් ආණ්ඩු බිහි නොවන බවත් මින් ඉදිරියට දිගටම පවතින්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා නිවේදනය කරයි.

“විපක්ෂයේ අනාථ වෙච්ච සුන්බුන් අතරේ ඉන්න කීපදෙනෙක් එකතුවෙලා දහයක් පහළවක් හන්දියකට ඇවිල්ලා කෑගහනවා, ගෙයක් ගාවට ඇවිල්ලා කෑගහනවා, ආණ්ඩුව පෙරළන්න කතා කරනවා. අරගලයට කතා කරනවා. අපි ඒගොල්ලන්ට කියනවා අරගල ඉගෙනගන්න ඕනෙ නම් ඉගෙන ගන්න පුළුවන් අපෙන් තමයි. අපි තමයි අරගල කරන්න ඉගැන්නුවේ මේ රටට. ඒ නිසා ඔය දහයක් පහළවක් ඇවිල්ලා ආණ්ඩුව පෙරළන්න හදන ඒ මන්ද මානසිකයින්ට, ලෙඩ්ඩුන්ට අපි කියනවා මේ ආණ්ඩුව එහෙම පෙරළන්න බෑ. මේකට අත තියන්න බෑ. මේක රකින්න ඉන්න ජන පවුර තමයි මේ කළුතරටත් රට පුරාම දිස්ත්‍රික්ක 21කත් ඇවිල්ලා ඉන්නෙ. අනාගතය පුරාම මේ රට හදනකල් මේක හදන්න ඉන්නෙ මාලිමාවේ ආණ්ඩුව, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතරයි. වෙන ආණ්ඩු මීට පස්සෙ නෑ කියන එක අපි ඒගොල්ලන්ට කියන්න ඕනෙකම තියෙනවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කලුතරදී පැවති ජාතික ජන බලවේගයේ මැයි රැලිය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...