IMF ගිවිසුම ලස්සනට කොළේ වහලා ගහලා. කිසිකෙනෙක් දන්නෑ ! – හර්ෂ

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග රජය අත්සන් කළ ගිවිසුම වහාම ජනතාවට හෙළිදරව් කළයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මාණ්ඩලික එකඟතා ගිවිසුමකට අත්සන් කරලා තියෙනවා. තවම අපි දන්නෙ නෑ මේ එකඟතාවය මොකක්ද කියලා. බොහෝම සන්තෝෂයට පත්වෙලා ඉන්නවා රජයේ පාර්ශ්වයන් IMF එකත් මාණ්ඩලික එකඟතාවයකට එන්න ඔවුන්ට හැකිවුණා කියලා. ඒත් මොකක්ද මේක ඇතුළෙ තියෙන්න කියන එක පිළිබඳව තවම ජනතාවට කිසිම අවබෝධයක් නැහැ.

මේ ගෝඨාභය රාජපක්ෂත් රාජපක්ෂලාගෙ ආණ්ඩුත් එකතුවෙලා කරපු ආර්ථික විනාශය නිසා අපි මෙතනට වැටිලා ඉන්නවා. පළවෙනි පාරට IMF එකෙන් කියලා තියෙනවා, මුළු ලෝකෙම කියනවා ඔහෙලා පල් හොරු, මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි ඔහෙලා හොරකම් කරලා කියලා. මොකක්ද කියන්නෙ ? දූෂණය නවත්වන්න මොකක්ද ගන්න වැඩපිළිවෙල ? අලුත් නීති ගේන්න වෙයි. හොරකම් කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න වෙයි. හැබැයි දඬුවම් දෙන්න පුළුවන්ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ? ඒක තමයි අපි කිව්වෙ කොහාගෙයි කපුටාගෙයි කතාව. දඬුවම් දෙන්න රනිල් වික්‍රමසිංහ ලෑස්ති වුණොත් කාක්කො ටික ඉන්න දෙයිද ? දැන් මේක ජාත්‍යන්තරයට ගිහිල්ලා IMF එකේ කොන්දේසියක් වෙලා. මේකෙ කියන්නෙ පිටරටවල්වල හංගලා තියෙනවා නම් ඒවා නැවත ගේන්න කියලා. එහෙම නැතුව මල්මාලා දාලා පිළි අරගෙන මේක කරන්න බෑ.

මෙතන මට පේන්නෙ නියම කොළේ වහලා ගැහිල්ලක් ගහලා තියෙනවා ලස්සනට. කිසිකෙනෙක් දන්නෑ. ජනාධිපතිවරයා දන්නවා, කැබිනට් එක දන්නවා. මොකද පාර්ලිමේන්තුවේ මේක සම්මත කරගෙන නෑ. අඟහරුවාදාට මේක ඉදිරිපත් කළේ නැත්නම් රාජ්‍ය මුදල් කාරකසභාවේ සභාපතිවරයා ලෙස මම තීරණ වගයක් ගන්නවා, මං ඒක දැන් මෙතන කියන්න සූදානම් නෑ. නමුත් මට වගකීමක් තියෙනවා මේ රටේ මිනිස්සු වෙනුවෙන්”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...