රාජපක්ෂලා ඔවුන්ගේ පවුලේ න්‍යායපත්‍රය ඉදිරියට අරන් අපේ සිහින පොඩිපට්ටම් කළා – ගම්මන්පිල

Date:

නායකයින් හෝ පවුල් රජ කරවන යුගය මෙතැනින් අවසන් කෙරෙන බව විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් උ.ල. සන්ධානයේ උපසභාපති උදය ගම්මන්පිල මහතා පවසයි.

“2019 ලක්ෂ 69ක මහා ජනවරමක් භාරදුන්නා. අපේ වචන විශ්වාස කරපු මිනිස්සුන්ගෙ සිහින සැබෑ කරන ආණ්ඩුවක් හැදුවා කියලා අපි හිතුවා. නමුත් මිත්‍රවරුනි, ජනතා න්‍යායපත්‍රය පැත්තකට දාලා පවුලේ න්‍යායපත්‍ර ඉදිරියට අරගෙන ඇවිල්ලා ඔබේත් අපේත් සිහින බලාපොරොත්තු සියල්ල මේ නායකයින් පොඩිපට්ටම් කරලා දැම්මා. නැග්ග බස් එක වැරදුණා. අපි බස් එකෙන් බැස්සා. ඒත් අපේ ගමන අපි යනවා කියන එක අපි බය නැතුව ප්‍රකාශ කරනවා. නායකයො රජ කරපු යුගය ඉවරයි, පවුල් රජ කරපු යුගය ඉවරයි, ජනතාව රජ කරවන යුගයයි අද අපි ආරම්භ කරන්නෙ කියන එක අපි අද සමස්ත ජාතියටම සිහිපත් කරනවා”

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සන්ධානයක් බිහිකිරීමේ උත්සව අවස්ථාව ඊයේ (04) අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...