මාලදිවයින් ජනපති දිවයිනට. නිල පිළිගැනීමේ උත්සවය අද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් ඊයේ (03) පස්වරුවේ මෙරටට පැමිණියේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණි. විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූඩ් ඉමාඩ් යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මොහොමඩ් මුයිසු මහතා 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වේ.

මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...