බලන හා ඉහළකෝට්ටේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:දිට්වා ආපදා නිසා දැඩි හානි සිදුවූ උඩරට දුම්රිය මාර්ගයේ ඉහළකෝට්ටේ සහ බලන ආපදා ස්ථාන ප්‍රතිසංස්කරණය කඩිනම් කිරීම සඳහා සේවා දුම්රියක් ප්‍රවේශ කර ගැනීම වෙනුවෙන් රඹුක්කන, කඩිගමුවේ සිට ඉහළ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට සිදුවෙමින් පවතී.

බලන දුම්රිය ස්ථානයට නුදුරුව ස්ථාන 02ක්, ඉහළ කෝට්ටේ ස්ථාන 02ක් ද වශයෙන් ස්ථාන 07ක් පමණ දැඩි හානියට පත්ව ඇති අතර එම මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කොට තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත අංශය මගින් සිල්පර කොට යොදා තාවකාලික සිල්පර කොට යොදා මාර්ගය සකස් කරන අතර ඒ මතින් කඩිගමුව, ගංගොඩ, ඉහළකෝට්ටේ ප්‍රදේශ දක්වා සේවා දුම්රියක් ගමන් කර ගැනීමට නියමිතය.

මෙම ප්‍රදේශ ගිරි දුර්ග ඔස්සේ යෙදී ඇති බැවින් ස්ථිර දුම්රිය මාර්ග සකස් කිරීමේදී අදාල අමුද්‍රව්‍ය හා යෙදවුම් වැඩි ප්‍රමාණයක් දුම්රිය මාර්ගය ඔස්සේ ප්‍රවාහන කිරීමට සිදුව තිබේ.

මහා මාර්ගය ඔස්සේ ප්‍රවේශ විය හැකි බලන දුම්රිය ස්ථානයේ දැඩි අවදානම් ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට කඩිනම් කර ඇත.
මෙම වර්ෂය අවසානයේදී හෝ ලබන වර්ෂය මුල දී දුම්රියක් මෙම මාර්ගයේ ගමන් කරවීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්

සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...

කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...

නව ත්‍රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...

සරණ ගුණවර්ධනගේ බිරිඳ ඔක්තෝබර් 30 දක්වා තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : අල්ලස් කොමිෂන් සභාව...