ශ්රී ලංකා ක්රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතාව පත්කර ගැනීමෙන් අනතුරුව විපක්ෂයේ තවත් දක්ෂයින් කිහිපදෙනෙකුම ආණ්ඩුවේ විවිධ තනතුරු සඳහා එකතු කරගැනීමට බලාපොරොත්තු වන බව ආණ්ඩු පක්ෂයේ ප්රධානීන් අවස්ථා කිහිපයකදීම ප්රකාශ කර තිබිණි.
ඒ අනුව මහින්ද සමරසිංහ, මිලින්ද මොරගොඩ සහ හර්ෂ ද සිල්වා යන විපක්ෂයේ දේශපාලනඥයින් සමග ආණ්ඩුව මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මහින්ද සමරසිංහ සහ මිලින්ද මොරගොඩ යන දෙදෙනාම විශාල වශයෙන් විදෙස් සබඳතා සහිත දේශපාලනඥයින් වන අතර ආචාර්ය හර්ෂ ද සිල්වා ආර්ථික ක්ෂේත්රයේ ප්රවීණයෙකි.
මිලින්ද මොරගොඩ යනු ඉන්දියාවත් සමග ඉතාම සමීප සබඳතාවක් ඇත්තෙක් බව ප්රසිද්ධ කරුණකි. ඔහු මෙන්ම අනෙක් දෙදෙනාවත් ආණ්ඩුවට සම්බන්ධ කිරීමේ වෑයම පසුපස ඉන්දියාව සිටින බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.


