ආනන්දයට පත් වුණ බස්නාහිර රගර්

Date:

බස්නාහිර පළාත් අන්තර් පාසල් ක්‍රීඩා 2022 සත් සාමාජික රගර් තරගාවලිය සැප්තැම්බර් 03 වන දා කොළඹ සහිරා විද්‍යාලීය ක්‍රීඩා පිටියේදි පැවති අතර ඊට සහභාගි වූ කණ්ඩායම් නවයක් අතරින් සූරතාවය දිනා ගන්නට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් වුණා.අනු සූරතාවය කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට හිමි වුණා
මහරගම ජනාධිපති විද්‍යාලය පරාජයට පත් කරමින් ලකුණු 29 – 00 ක් ලෙස ජයගත් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය අවසාන තරගයට සුදුසුකම් ලබද්දී කොළ ආනන්දය ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේ සහිරා විද්‍යාලය ලකුණු 17 – 07 ක් ලෙස පරාජය කරමින්.අවසන් තරගයේදී ඩී.එස්.විද්‍යාලීය කණ්ඩායම ලකුණු 07 ක් රැස් කරද්දී කොළම ආනන්දය ලකුණු 21 ක් ලබා ගත්තා.තෙවන ස්ථානය දිනා ගත්තේ මහරගම ජනාධිපති විදුහලයි.ඔවුන් අතින් පරාජයට පත් වුණේ සහිරා විදුහලයි.එහි ලකුණු තත්ත්වය 19 -12 ක් ලෙස සටහන් වුණා.
ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්ලි ඉලියාස් මහතාගේ විශේෂ අනුග්‍රහය යටතේ, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) ධමිකා කුලතුන මහත්මිය විසින් මෙය සංවිධානය කරන ලද අතර මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරධිතයා ලෙස එක් වූයේ ශ්‍රී ලංකා රග්බි සංවර්ධන සභාපති රොෂාන් ඩීන් මහතාය.මෙම අවස්ථාවට සහිරා විද්‍යාලයේ විදුහල්පති ට්‍රිස්වි මරික්කාර් මහතා ද,එම විද්‍යාලයේ රග්බි සම්බන්ධීකාරක අවුෆර් ජොහාර් මහතා ද සමඟ තරඟාවලියේ සම්බන්ධීකාරක කේ.එස්.පී. කරුණාරත්න මහතා ද එක් වී සිටියා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...