Clean Sri Lanka ව්‍යාපෘතියේ නාමයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජෙවීපීකරණයට ලක් කිරීමට එරෙහිව හඩ නැගූ අශාන් අත්අඩංගුවට ගැනීම හෙළා දකිනවා – විපක්ෂ නායක සජිත්

මැයි 06, කොළඹ LNW :

මේ වන විට දෙහිවල ආසනයේ තරුණ ක්‍රියාකාරිකයකු වන අශාන් කෝට්ටෙවත්ත මහතා අත්අඩංගුවට ගැනීම නිසා එතුමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් භාෂණයේ කතා කිරීමේ නිදහස තොරතුරු දැන ගැනීමේ නිදහස හා අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස මූලික හා මානව අයිතිවාසිකමක් ලෙස උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ අයිතිය ලබා දී ඇති බවත් අශාන් කෝට්ටෙවත්ත මහතා ලක්ෂ 220කගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරමින් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ නිලධාරීන් ලෙස සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකට රජය ලබා දුන් පත්වීම් හරහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩපිළිවෙළ සහ ප්‍රාදේශීය ලේකම් පද්ධතිය ජවිපේකරණයට ලක් කිරීම රටට හෙළිදරව් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොලිස් අත්අඩංගුවට ගත් පත් අශාන් කොට්ටෙවත්ත මහතා හමුවීමට දෙහිවල පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

මේ මොහොත වන විට අප රටේ සෑම ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ජේවීපීකරණයට ලක්ව ඇති බවත් මේ ගැන කරුණු කාරණා හෙළිදරව් කළ නිසා දේශපාලන ගොදුරක් බවට පත් කළ බවත් නාගරික මන්ත්‍රීවරයකුගේ ඉල්ලීමකට නගර සභාවේ නිලධාරීවරයකු ලගට ගොස් එම මන්ත්‍රීවරිය නිලධාරීතුමියට වට්ස්අප් කළ තොරතුරු මුද්‍රණය කර නැවත මන්ත්‍රීවරියට ලබා දීම පමණක් කළ බවත් එය හොරකමක් නොව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අශාන් කොට්ටෙවත්ත මහතාගේ මූලික අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය වීම ගැන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ගත හැකි ඉහළම නීතිමය පියවර ගන්නා බවත් මෙවැනි සුළු කරුණක් මුල් කර ගෙන මේ ආකාරයෙන් පොලිසිය තුළ රදවා ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී අශිෂ්ට ක්‍රියාවක් බවත් මේ මර්ධනයෙන් මිදී මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වෙනුවෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ගත හැකි සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ඉටු කරන බවත් මීට පෙරද මෙවැනි සිදුවීම්වලට එරෙහිව පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...