කොළඹ LNW:අධිකරණයට විධායකය විසින් සිදුකරන අතපෙවීම් හෙළා දැකීමේ විවාදයක් ඉල්ලා විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් විසින් කථානායකවරයා වෙත ලිපියක් භාර දී තිබේ.
විපක්ෂය නායක සජිත් ප්රේමදාසගේ උපදෙස් පරිදි එය සකස් කර තිබෙන අතර විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, නියෝජ්ය සංවිධායකවරුන් වන ජේ.සී. අලවතුවල සහ අජිත් පී. පෙරෙරා ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරුන් විසින් එම ලිපිය කථානායකවරයා වෙත භාර දී ඇත.


