මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Date:

මේ වනවිට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට තම ගෙවීම් සිදු කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිත කිරීමට හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා මහත්මිය පවසයි.

කොමසාරිස්වරිය මේ බව පැවසූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මුදලින් කරන සියලු ගෙවීම් විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීමට පහසුකම් සැලසීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

නූතන තරුණ නව තාක්ෂණයට අනුගත වීම නිසා සහ මුදල් රැගෙන යාමේදී පවතින අපහසුතාවය හේතුවෙන් තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් මුදල් ගෙවීමට දැන් හැකි බවත් සේවාව ලබා ගැනීමේදී අතේ මුදල් නැති වුවත් කාඩ්පත් මගින් ගෙවීමට හැකි බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

භාණ්ඩාගාරයට ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනයක් ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මාසිකව රුපියල් බිලියනයක් පමණ ලබා දෙන බවත් කොවිඩ් වසංගත තත්ත්වය හා වාහන ආනයනය අඩු වීම නිසා මෑතකදී ආදායම අඩු වුවත් දැන් යථා තත්වයට පත්වෙමින් ඇති බවත් සඳහන්.

මෙමෙ අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (පාලන) සුසන්ත ජයතිලක මහතා ගණකාධිකාරී අරවින්ද සමරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...