මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Date:

මේ වනවිට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාලාභීන්ට තම ගෙවීම් සිදු කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සියලුම විද්‍යුත් කාඩ්පත් භාවිත කිරීමට හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ඩී. කුසලානි ද සිල්වා මහත්මිය පවසයි.

කොමසාරිස්වරිය මේ බව පැවසූයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මුදලින් කරන සියලු ගෙවීම් විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීමට පහසුකම් සැලසීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

නූතන තරුණ නව තාක්ෂණයට අනුගත වීම නිසා සහ මුදල් රැගෙන යාමේදී පවතින අපහසුතාවය හේතුවෙන් තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් මුදල් ගෙවීමට දැන් හැකි බවත් සේවාව ලබා ගැනීමේදී අතේ මුදල් නැති වුවත් කාඩ්පත් මගින් ගෙවීමට හැකි බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

භාණ්ඩාගාරයට ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනයක් ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මාසිකව රුපියල් බිලියනයක් පමණ ලබා දෙන බවත් කොවිඩ් වසංගත තත්ත්වය හා වාහන ආනයනය අඩු වීම නිසා මෑතකදී ආදායම අඩු වුවත් දැන් යථා තත්වයට පත්වෙමින් ඇති බවත් සඳහන්.

මෙමෙ අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (පාලන) සුසන්ත ජයතිලක මහතා ගණකාධිකාරී අරවින්ද සමරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධීව ගෙන ආ දුම්වැටි 40,000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට...

LVMH අධිපති බර්නාඩ් ආර්නෝල්ට්ගේ ධනය පැය 24ක් තුළ ඩොලර් බිලියන 5.3කින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව සුඛෝපභෝගී භාණ්ඩ...

ට්‍රම්ප්ට ජය ලබා දෙමින් ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය සියයට 15 ක තීරුබදු සඳහා එකඟ වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අත්ලාන්තික් සාගර වෙළඳ...

ජනපති අනුර තවත් විදේශ සංචාරයකට

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින...