රේඩාර් ව්‍යාපෘතියේ අලාභය නිලධාරීන්ගෙන් අය කරගන්න විගණකාධිපති නිර්දේශ

Date:

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ගොන්ගල රේඩාර් ව්‍යාපෘතියෙන් රජයට සිදුවූ අලාභය ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කරගන්නා ලෙස විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබේ.

මීට වසර දොළහකට පෙර මෙම ව්‍යාපෘතිය ඉදිකර ඇත්තේ රුපියල් 402,800,000 ක වියදමින් වන අතර මේ වනවිට එය සම්පූර්ණයෙන්ම අසාර්ථකව යුධ හමුදා නිලධාරීන්ගේ තාවකාලික පාවිච්චිය සඳහා පවරා දී ඇති බව සඳහන්.

මෙම ව්‍යාපෘතියට ගෙන ආ රුපියල් 9,100,000 ක් වටිනා උපකරණ අස්ථානගතව ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් 4,900,000 ක් වශයෙන් අඩුකර සටහන් කර තිබෙන බවත් එමෙන්ම එම උපකරණ අස්ථානගත වීමට වගකිව යුතු නිලධාරීන් කිසිවෙකුත් හඳුනාගෙන නොමැති බවත් විගණකාධිපති වාර්තාවෙන් දක්වා ඇත.

ඒ අනුව උපකරණ අස්ථානගත වීමට මෙන්ම මෙතරම් විශාල මුදලක් වැයවුණු මෙම අසාර්ථක ව්‍යාපෘතියට වගකිව යුතු නිලධාරීන් අනිවාර්යයෙන්ම හඳුනාගෙන, මෙමගින් රජයට සිදුවූ අලාභය ඔවුන්ගෙන් අයකර ගන්නා ලෙසයි විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...