ශ්‍රී ලංකාව නූලෙන් බේරෙයි

Date:


ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම වත්මන් ආසියානු සූරියන් ලෙස සිය කිරීටය බේරා ගන්නට සටනේ තරගකාරී වටය ඉතා දුෂ්කර වෑයමකින් පසුව ලකුණු 55 – 53 ක් ලෙස ජය ගන්නට සමත් විය.කණ්ඩායමම තර්ජනී මත යැපෙන්නට යාමේ අවදානම මේ තරගයේදී වඩාත් හොදින් පැහැදිළි වූ අතර මැලේසියානු ක්‍රීඩිකාවන් උපක්‍රමශීලීව ඇය සමීපයේ ක්‍රීඩා කරමින් තර්ජනීව අවස්ථා කිහිපයකදීම ස්පර්ශක වරදට හසු කර ගැනීම දක්නට ලැබිණ.එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ලකුණු ලබා ගැනීමට විවර වූ මාවත් ගෝල සීමාව ආසන්නයේම ආපසු හැරිණි.

තරගයේ ප්‍රථම කාර්තුවේ ශ්‍රී ලංකාව පසුපසට ඇද දමමින් මැලේසියානු ක්‍රීඩිකාවන් ලකුණු 15 – 13 ක් ලෙස ජයගත් අතර,දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ගෝල් සීමාවට ඇතුල් වූ පන්දුව ආපසු හරවා යැවීමට අවස්ථා කිහිපයකදීම සමත් වීම නිසා එම කාර්තුව ලකුණු 17 – 15 ක් ලෙස ශ්‍රී ලංකවෙ ඉදිරියට පැමිණියේය.තරග වටය නිමවන විට සමස්ථ ලකුණු පූවරුව 30 – 30 ක් විය.

තෙවන කාර්තුවේ ලකුණු තත්ත්වය වෙනස් කරන්නට ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවන් යළිත් මැදිහත් වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස එම වටය ලකුණු 15 -8 ලෙස ඉදිරියට ආවේ මැලේසියානු ලකුණු ලබා ගැනීම උදාසීන කරමින්ය.ඒ අනුව තෙවන කාර්තුව නිමාවේ ලකුණු තත්ත්වය 45 – 38 ක් විය.

මූලික වටයේ සිට ප්‍රතිවාදීන්ට හිසරදයක් වූ තර්ජණී – දුලංගි සුසංයෝගය ගැන කාර්තු තුනක් ගෙවෙන තෙක්ම ශ්‍රී ලංකාවට කල්පනා වී තිබුණේ නැත.ඒ නිසා තර්ජණී වෙත කරන ඉහළ යොමු කිරීම් රාශියක් රැදුණේ මැලේසියානු ආරක්ෂක පෙළ අතය.

අවසාන වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය යම් ආකාරයකින් ක්ෂය වී තිබුණ බවක් දකින්නට ලැබුණ අතර එහිදී දුලංගි සහ තර්ජණී සුසංයෝගය නිසා ලැබුණ ලකුණු කිහිපය තරගයේ ජයග්‍රහණය තීරණය කළ බව පැහැදිළිය.විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රතිවාදි රිද්මය අවශෝෂණය කර
ශ්‍රී ලංකාව නූලෙන් බේරෙයි

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම වත්මන් ආසියානු සූරියන් ලෙස සිය කිරීටය බේරා ගන්නට සටනේ තරගකාරී වටය ඉතා දුෂ්කර වෑයමකින් පසුව ලකුණු 55 – 53 ක් ලෙස ජය ගන්නට සමත් විය.කණ්ඩායමම තර්ජනී මත යැපෙන්නට යාමේ අවදානම මේ තරගයේදී වඩාත් හොදින් පැහැදිළි වූ අතර මැලේසියානු ක්‍රීඩිකාවන් උපක්‍රමශීලීව ඇය සමීපයේ ක්‍රීඩා කරමින් තර්ජනීව අවස්ථා කිහිපයකදීම ස්පර්ශක වරදට හසු කර ගැනීම දක්නට ලැබිණ.එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ලකුණු ලබා ගැනීමට විවර වූ මාවත් ගෝල සීමාව ආසන්නයේම ආපසු හැරිණි.

තරගයේ ප්‍රථම කාර්තුවේ ශ්‍රී ලංකාව පසුපසට ඇද දමමින් මැලේසියානු ක්‍රීඩිකාවන් ලකුණු 15 – 13 ක් ලෙස ජයගත් අතර,දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ගෝල් සීමාවට ඇතුල් වූ පන්දුව ආපසු හරවා යැවීමට අවස්ථා කිහිපයකදීම සමත් වීම නිසා එම කාර්තුව ලකුණු 17 – 15 ක් ලෙස ශ්‍රී ලංකවෙ ඉදිරියට පැමිණියේය.තරග වටය නිමවන විට සමස්ථ ලකුණු පූවරුව 30 – 30 ක් විය.

තෙවන කාර්තුවේ ලකුණු තත්ත්වය වෙනස් කරන්නට ශ්‍රී ලංකා ආරක්ෂක පෙළ ක්‍රීඩිකාවන් යළිත් මැදිහත් වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස එම වටය ලකුණු 15 -8 ලෙස ඉදිරියට ආවේ මැලේසියානු ලකුණු ලබා ගැනීම උදාසීන කරමින්ය.ඒ අනුව තෙවන කාර්තුව නිමාවේ ලකුණු තත්ත්වය 45 – 38 ක් විය.

මූලික වටයේ සිට ප්‍රතිවාදීන්ට හිසරදයක් වූ තර්ජණී – දුලංගි සුසංයෝගය ගැන කාර්තු තුනක් ගෙවෙන තෙක්ම ශ්‍රී ලංකාවට කල්පනා වී තිබුණේ නැත.ඒ නිසා තර්ජණී වෙත කරන ඉහළ යොමු කිරීම් රාශියක් රැදුණේ මැලේසියානු ආරක්ෂක පෙළ අතය.

අවසාන වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය යම් ආකාරයකින් ක්ෂය වී තිබුණ බවක් දකින්නට ලැබුණ අතර එහිදී දුලංගි සහ තර්ජණී සුසංයෝගය නිසා ලැබුණ ලකුණු කිහිපය තරගයේ ජයග්‍රහණය තීරණය කළ බව පැහැදිළිය.විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රතිවාදි රිද්මය අවශෝෂණය කර ගනී.


RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!