මැලේසියාවේ රැකියා සම්බන්ධයෙන් නව ගිවිසුමක්

ශ්‍රමිකයින් බඳවාගැනීම, රැකියා සඳහා යොමුකිරීම සහ නැවත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මැලේසියානු රජය සමග ගිවිසුමකට අත්සන් තැබීමට විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර, 2016 වසරේදී මැලේසියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇති අතර එහි වලංගු කාලසීමාව 2021 දෙසැම්බර් 15 වනදායින් අවසන්ව ඇත.

ඒ අනුව එම අවබෝධතා ගිවිසුම දීර්ඝ කරමින් නව ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...