වන්දි ගන්නත් මැති-ඇමතිවරුන්ගෙන් ඩබල් ගේම්

මැයි 09 වැනිදා කලහකාරී සිදුවීම් අතරතුර ගිනිබත් වූ මැති ඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපල සඳහා වන්දි ලබා ගැනීමේදී විවිධ අක්‍රමිකතා සිදුවන බව වාර්තා වේ. මේ නිසා හානි වූ නිවාස ඇතුළු දේපල තක්සේරු කරන නිළධාරීන් දැඩි අපහසුතාවයට ලක්ව සිටී.

ඇතැම් මැති ඇමතිවරුන් ව්‍යාජ භාණ්ඩ ලැයිස්තු ඉදිරිපත් කරමින් ලබා ගන්නා වන්දි මුදල ඉහළ දමා ගැනීමට උත්සා දරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඇතැම් ඇමතිවරුන් විනාශයට පත් වූ එක් නිවසක් නිවාස දෙකක් ලෙස වාර්තාවලට ඇතුළත් කර නිවාස දෙකකට හිමි වන්දි මුදල් ලබා ගැනීමට උත්සාහ කරයි. එවැනි ඇමතිවරුන් පස් දෙනෙකු පිළිබඳව වාර්තා වී තිබේ.

මැයි 09 ඇති වූ කලහකාරී සිදුවීම් අතරතුර පොදුජන පෙරමුණේ ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 කට වැඩි පිරිසකගේ නිවාස ගිනිබත් වූ අතර වාහන ව්‍යාපාරික ස්ථාන ඇතුළු දේපල රැසකටද අලාභ හානි සිදුවිය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...