10,000කට අධික සංඛ්‍යාවක් අතරින් ජිතේන්ද්‍ර මෞර්ය එක් අයෙකි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වැඩි සුදුසුකම් ලැබූ අය වූහ – එක් වාර්තාවකට අනුව අපේක්ෂකයින්ට පශ්චාත් උපාධිධාරීන්, ඉංජිනේරුවන්, MBAs සහ විනිසුරුවරයෙකුගේ විභාගයට සූදානම් වන මෞර්යා වැනි අය ඇතුළත් විය.
කොවිඩ් වසංගතය ආසියාවේ තුන්වන විශාලතම රටේ ආර්ථිකයට දැඩි පහරක් එල්ල කල අතර, එය දැනටමත් දිගුකාලීන මන්දගාමිත්වයකට ඇද දමා ඇත. ඉන්දියානු රජයේ වියදම් වැඩි වී ඇති අතර, රැකියා ඌණතාවය ඉහළ යමින් පවතී. the Centre for Monitoring Indian Economy (CMIE) ආයතනයට අනුව දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ විරැකියා අනුපාතය 8% දක්වා ඉහළ ගියේය. එය 2020 දී සහ 2021 දී 7% ට වඩා වැඩි අගයක් පෙන්නුම් කරන්නට විය.
කොවිඩ් හේතුවෙන් බොහෝ රටවල් 2020 දී රැකියා විරහිතභාවය ඉහළ යාමක් පෙන්නුම් කරන්නට විය. ඉන්දියාවේ ශ්‍රම බලකාය වයස අවුරුදු 15 සහ ඊට වැඩි කාන්තාවන්ගේ ප්‍රතිශතයකි. නමුත් ඉන්දියාවේ විරැකියාව ප්‍රධාන වශයෙන් යොමු වන්නේ විධිමත් ආර්ථික මට්ටමක් සොයන උගත් තරුණයින්ගේ දත්ත මතයි.
අවිධිමත් ආර්ථික ශ්‍රම බලකාය 90% ක් එරට සේවයේ යොදවා ඇති අතර එරටේ ආර්ථික නිමැවුමෙන් අඩක් ඔවුන් තුළින් ජනනය කරයි. දරිද්‍රතාවය හේතුවෙන් අධ්‍යාපනයට ප්‍රවේශය නැති දිලිඳු පිරිස් තමන්ට ලැබෙන ඕනෑම කාර්යයක් කිරීමට පසු බට නොවේ. ඉන්දියාවේ ශ්‍රම බලකායෙන් හතරෙන් තුනක් සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ නොමැතිව ස්වයං රැකියාවල නියුතු අනියම් කම්කරුවන් වේ.
විශ්‍රාමික ඉතුරුම් යෝජනා ක්‍රමයක්, සෞඛ්‍ය සේවා, මාතෘ ප්‍රතිලාභ සහ වසර තුනකට වැඩි ලිඛිත කොන්ත්‍රාත්තුවක් සහිත සමාජ ආරක්ෂණයට ප්‍රවේශය සහිත සුරක්ෂිත වු විධිමත් රැකියාවන්පවතින්නේ ශ්‍රම බලකායෙන් 2%කට මඳක් වැඩි පිරිසකට පමණි.
ඉන්දීය සමාජ සමීක්ෂණවලින් පෙන්නුම් කරන්නේ සියලුම වැටුප් ලබන සේවකයින්ගෙන් 45% ක් මසකට ඉන්දීය රුපියල් 9,750කට අඩු මුදලක් උපයන බවයි. එය දිනකට රුපියල් 375 ට වඩා අඩුය. ඉහළ නිපුණතා සහිත සේවකයින් විසින් මෙහෙයවනු ලබන මෘදුකාංග සහ මූල්‍ය වැනි ඉහළ මට්ටමේ සේවාවන් මගින් ඉන්දියාවේ ආර්ථිකය වර්ධනය බලගන්වා ඇත. එය මධ්‍ය ආදායම් ආර්ථික රටාවකි.
රැකියා ජනනය කරන බවට පොරොන්දු වෙමින් 2014 දී බලයට පත් වූ අගමැති මෝඩි , එවකට ප්‍රධාන කර්මාන්ත සඳහා මූල්‍ය දිරිගැන්වීම් ලබා දුන් අතර දේශීය නිෂ්පාදන දිරිගැන්වීම සඳහා “මේක් ඉන් ඉන්ඩියා” ව්‍යාපාරයක් ආරම්භ කරන්නට විය. නමුත් මේ කිසිවක් මෙතෙක් එරට නිෂ්පාදන සහ රැකියා උත්පාදනයට හේතුවී නොමැත.