ආණ්ඩුව බදු පිට බදු පටවමින් ජනතාව බරපතළ පීඩනයකට ලක්කරනවා – සජිත් (VIDEO)

Date:

ආණ්ඩුව බදු පිට බදු පටවමින් ජනතාව බරපතළ පීඩනයකට ලක්කොට ඇති බවත්, එය දරාගත නොහැකි තරමට ජනතාව පත්ව ඇති බවත්, එහෙත් සියල්ල මැද ආණ්ඩුව තමන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ බදු උපයෝගී කරගනිමින් ඇමතිවරුන්ට සහන සැලසීමටත්, පසුගිය දිනවල හානි සිදු වුණු මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවීමට කටයුතු කරන්නටත් බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරගත් එකගතා ගිවිසුම රටේ ජනතාව දැනගත යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා හොර රහසේ අත්සන් කරන ගිවිසුම්වලට රටේ ජනතාවට වන්දි ගෙවිය නොහැකි යැයිද පැවසීය.

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අසාර්ථක වූයේ තනි පුද්ගල තීන්දු මත අතකොලු බවට පත්වෙමින් කටයුතු කිරීම නිසා බවත්, වර්තමානයේත් එය ඒ ආකාරයෙන් ම සිදු වෙමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (06) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියට්නාමයට බලපෑ ගංවතුර හේතුවෙන් 90 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වියට්නාමයට දින...

‘මර්දනය ඇති’: Kais Saied ට එරෙහිව ටියුනීසියානුවන් දහස් ගණනක් විරෝධතා දක්වයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපතිවරයාගේ විසම්මුතියට එරෙහි...

රැල්ල හැරිලා ඉවරයි

විපක්ෂයේ පළමු විරෝධයම අති සාර්ථකයි. මම වුණත් මුලින් හිතුවේ...

ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 24 දෙනෙකු ඝාතනය වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා විසින්...