ආපහු තාත්තා ලඟට ආව වගේ දැනෙන්නෙ – යළි එජාපයට පැමිණි හරීන්

0
2784

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වමින් ආණ්ඩුවට එකතු වූ සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා ඊයේ (06) පැවති එජාප 76 වන සංවත්සරය සඳහාද සහභාගි වී සිටියහ.

සංවත්සර උළෙලේදී අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ වේදිකාවට එනවිට කිසිදු අමුත්තක් නොදැනුණු බවයි. යළිත් තම පියා ලඟට පැමිණියා වැනි හැඟීමක් ඇතිවන බවද ඔහු සඳහන් කළේය.

නැවත මහ ගෙදරට පැමිණියේ ආපසු යන්න නොව දිගටම රැඳී සිටීමට බවද හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.

UN