බ්‍රිතාන්‍ය අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි කම්කරු පක්ෂ මන්ත්‍රීන් 70ක් කියයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රිතාන්‍යයේ පළාත් පාලන මැතිවරණයෙන් කම්කරු පක්ෂය අන්ත පරාජයකට පත් වීමත්, යුක්රේනයේ සහ මැද පෙරදිග යුද්ධ සැලකිල්ලට ගෙන බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මන්ත්‍රීන් 70කට වැඩි පිරිසක් අග්‍රාමාත්‍ය කියර් ස්ටාමාට ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලා තිබේ.

මේ අතර විදේශ ලේකම් යෙවෙට් කූපර් සහ ස්වදේශ ලේකම් ෂබානා මහමුද් මැතිවරණ පරාජයන්ගෙන් පසු විධිමත් බල හුවමාරුවක් සිදුවිය යුතු බවත්, අගමැති ලෙස දිගටම කටයුතු කිරීමට ස්ටාමාට පැහැදිලිවම සහාය නොමැතිබව අවධාරණය කර ඇත.

කියර් ස්ටාමාගේ ඉවත්වීම සිදු වුවහොත් නායකත්ව අර්බුදයක් ඇති විය හැකි බව බර්න්හැම් සහ ස්ට්‍රීටින් අනතුරු අඟවා ඇති අතර වසර 14 ක කොන්සර්වේටිව් පාලනය අවසන් කරමින් දැවැන්ත ජයග්‍රහණයකින් පසු 2024 ජූලි මාසයේදී ස්ටාර්මර් බලයට පත් වූ නමුත් ආර්ථික ගැටළු සහ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සමඟ අරගල කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...