ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණියේය.
හිටපු ජනාධිපතිවරයා එලෙස පැමිණියේ ශ්රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීම අනුවය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පාක්ෂිකයින් රැසක් අල්ලස් කොමිසම පිහිටි ස්ථානයේ රැඳී සිටි අතර එම ප්රදේශය අවට ආරක්ෂාව දැඩි කිරීමටද පියවර ගෙන තිබුණි.
එමෙන්ම ඒ අවට ආරක්ෂාව තරකර ඇති අතර පොලීසිය, විශේෂ කාර්ය බළකාය ද ගෙන්වා තිබුණි.


