නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:ගොවිජන සංර්ධන දෙපාර්තම්න්තුවට සීමා වී තිබුණු පොහොර බෙදාහැරීමේ ක්රියාවලිය පුද්ගලික අංශය වෙත ද ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්රමාරච්චි මහතා පවසයි.
ඉදිරි සතියේ සිට ක්රියාත්මක වන නව තීරණයත් සමඟ පොහොර බෙදාහැරීමේ කටයුතු හිඟයකින් තොර, අඛණ්ඩ ක්රියාවලියක් බවට පත් වනු ඇතැයි ඒ මහතා පැවසුවේය.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් පොහොර හා කෘෂි යෙදවුම් මිල ඉහළ ගියත් යූරියා පොහොර මිටියක මිල රුපියල් 10 200ක සීමාවේ රදවා ගොවියන් වෙත අලෙවි කිරීමට රජය කටයුතු කර ඇති බවයි අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව ප්රකාශ කළේ.
ඉකුත් මාර්තු මාසය වන විට යූරියා පොහොර මෙට්රික් ටොන් එක්ලක්ෂ දෙදහසක් ද පසුව මෙට්රික් ටෙන් 50,000ක් ද ආනයනය කළ බව කී ඒ මහතා පොහොර හිඟයක් ඇති බවට ඇතමුන් පවසන්නේ පුද්ගලික ආයතන තුළ පොහොර දැකිය නොහැකි නිසා යැයි ද කීවේය. එම්.ඕ.පී. සහ ටී.එස්.පී. පොහොරවල කිසිදු හිඟයක් නොමැති බවත් සැමට සමානව පොහොර බෙදාදීම රජයේ අපේක්ෂාවක් යැයි ද කීවේය.
මේ වන විට රටේ කිසිදු පොහොර හිඟයක් නොමැති බව කී ඒ මහතා ඉදිරි මහ කන්නය සඳහා පොහොර ගෙන්වීම සඳහා අවශ්ය කටයුතු සම්පාදනය කරන බව පැවසුවේය.
යුදමය වාතාරණය හේතුවෙන් කෘෂි යෙදවුම් මිල ඉහළ යාම නිසා ඉදිරියේදී එළඹෙන යල කන්නය සාර්ථක කර ගැනීම සඳහා නව වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති අතර ඒ අනුව “ඉසුරු ගෙනෙන යලක්” මැයෙන් දීප ව්යාප්ත වැඩසටහනක් දියත් කිරීමට නියමිතයි. එහිදී සුහුරු කෘෂිකර්මාන්තය යටතේ වඩාත් උසස් හා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම අපේක්ෂා කරයි.
පවතින අභියෝගයන් ජයගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සියලු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා ශ්රී ලංකා මහවැලි අධිකාරිය එක්ව ගොවියන් දැනුවත් කොට සාර්ථක යල කන්නයක් පවත්වා ගැනීම සම්බන්ධ නියමු ව්යාපෘතිය මෙම මස 14 වන දින පස්වරු 1.3ට හම්බන්තොට ලුණව නාකගල ග්රාමයේදී දියත් කරන බව ද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්රමාරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේය.


