කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දැනුම් දීම මත ශ්රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසමට පැමිණි අතර පැය දෙකක පමණ කාලයක් ප්රකාශ ලබා දීමෙන් පසු පිටව ගියේය.
2013 වසරේදී ශ්රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්රීලන්කන් ගුවන් සේවයේ ප්රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ලවිය.
සිද්ධියට අදාළව මාස 2කට වැඩි කාලයක් කපිල චන්ද්රසේන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර ඔහු ඇප ලබා නිදහස් වුවද ඇපකරුවන් සම්බන්ධයෙන් මතුවූ ප්රශ්නකාරී තත්ත්වය මත ඔහුගේ ඇප අවලංගු කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කරන ලදී.
එම පසුබිම මත ඔහු අධිකරණයට භාරවීමට සිටියදී සියදිවි නසා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් විය.
ඒ අනුව එම සිද්ධියට අදාළව අද දින හිටපු ජනාධිපතිවරයාගෙන් ප්රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසම කටයුතු කරන ලදී.
හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම හමුවට පැමිණෙන විටත් ඔහුට සහය දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්රියාකාරිකයින් ඇතුළු පාක්ෂිකයින් රැසක් පැමිණ සිටි ආකාරයද දැකගැනීමට හැකි විය.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න



















