මම කිව්වෙ නෑ කොහෙවත් VITZ කාර් එකක් ලක්ෂ 12 ට දෙනවා කියලා. අපි බොරු කියලා නෑ – ඇමති හේවගේ

ටොයෝටා විට්ස් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 12කට ලබාදෙන බවක් තමන් කිසිදු විටෙක ප්‍රකාශ නොකළ බවත් තමන්ට එසේ චෝදනා කරන්නේ මානසික රෝගීන් බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.

“ඔයාලා දන්නවා අපිට වාහන බලපත්‍රයක් තිබුණා. අපි ඒක නැති කළා. අපි වාහන බලපත්‍රය ගත්තා නම් අපිට කීයක් හම්බවෙනවාද ? 159ක් හම්බවෙනවා. ඕක නිකම් කෝටි 5න් වැඩි කළොත් ? කෝටි 700ක් විතර ගන්න පුළුවන්. කෝටි 700ක් අත්හැරපු අපි කෝටි 80ක් හොරකම් කරයි කියලා හිතනවද ? මටත් මං දන්නෑ වෙලාවකට විට්ස් කාර් ගැන කියනවා. පිස්සු නේ … පිස්සු නිකම්. පිස්සෝ. මම කිව්වෙ නෑ කොහෙවත් විට්ස් කාර් එකක් ලක්ෂ 12 ට දෙනවා කියලා. හොඳට වීඩියෝ එක අරගෙන බලන්න. අපි බොරු කියලා නෑ”

නලින් හේවගේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ඇත්තිලිගොඩ ප්‍රදේශයේ හෝටලයක පැවති ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභා රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...