ලබන වසරේ සිට ඉංග්‍රීසි අධ්‍යාපනයේ විශේෂ වෙනසක් වෙනුවෙන් පියවර !

Date:

2023 වසරේ සිට පළමු ශ්‍රේණියේ සිටම පාසල් සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

“විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමග ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුණතාවය තාක්ෂණයත් එක්ක ඉදිරියට යන ලෝකයේ අත්‍යවශ්‍යයයි. එනිසා අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ බලාපොරොත්තු වෙනවා පළමු ශ්‍රේණියේ ඉඳලාම ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ආරම්භ කරන්න. ඒ වගේම තව යෝජනාවක් කරලා තියෙනවා හයවෙනි ශ්‍රේණියේ ඉඳලා ගණිතය සහ විද්‍යාව යන විෂයයන් දෙක සිංහල හෝ දමිළ භාෂාවෙන් උගන්වන ගමන්ම ඉංග්‍රීසි භාෂාවෙනුත් උගන්වන්න. එතරම් අපහසු දෙයක් නෙවෙයි මේ විෂයයන් දෙකේ ගොඩාක් ටර්ම්ස් තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවට අදාළව. ඉතින් ඒක නිසා ළමයින් ඉබේටම හුරුවෙනවා විද්‍යාව සහ ගණිතය විෂයයන් දෙක, ඒ අයට අසාධාරණයක් වෙන්නෙත් නෑ මව්බසින් කරනවා, ඒ ගමන්ම ඉංග්‍රීසි භාෂාවේ ඒ වචනවලට අදාළ සංකේත සියල්ල ඉංග්‍රීසි භාෂාවෙනුත් තිබෙන නිසා. අපේ ග්‍රාමීය ප්‍රදේශවල දරුවන් පසුබෑමට ලක්වෙන එක හේතුවක් තමයි විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ හිඟකම. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නිපුණතාවය ලබාදීම සඳහා වෙනම වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක කරනවා විශ්වවිද්‍යාල පද්ධතියත් අධ්‍යාපන සේවයත් ගුරු උපදේශකවරුත් සම්බන්ධ කරගෙන”

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...

Mazagon Dockසමාගම කොළඹ ඩොක්යාර්ඩ් හි 41.73% ක කොටස් කොටස් හිමිකාරිත්වයක් අත්පත් කරගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ඉන්දියාවේ Mazagon Dock...