ජනපති රනිල්ගේ චෝදනාවට කුමාර් ගුණරත්නම්ගෙන් පිළිතුරු (VIDEO)

Date:

ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එල්ල කළ චෝදනාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (07) පිළිතුරු ලබාදුන්නේය.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මේ ප්‍රචණ්ඩත්වයක් ගැන. ඔහු අපේ පක්ෂයේ නම සඳහන් කළේ පෙරටුගාමී සංවිධානය කියලා. පළවෙනි කාරණය ඔහු ඒ සඳහන් කරන ප්‍රචණ්ඩත්වය සහ ඒ ප්‍රචණ්ඩත්වයට මේ පෙරටුගාමී සමාජවාදී පක්ෂ වගකිව යුතුයි කියන කාරණය පිළිකුලින් යුතුව ප්‍රතික්ෂේප කරනවා. මොකද මේක ඉතා පැහැදිලිවම දේශපාලන අරමුණක් ඔළුවේ තියාගෙන, තමන්ගේ දේශපාලන නොහැකියාව නිසා වෙනත් දේශපාලන තත්වයන් මවා පෙන්වමින් තමන්ගේ අසමත්කම සමාජයට දැනෙන එක වළක්වාගන්න දරණ අසාර්ථක උත්සාහයක් කියලා තමයි අපට මේක කියන්න තියෙන්නෙ. ඉතින් අපි දන්නවා මේ ආදරයේ අරගලය ප්‍රචණ්ඩත්වයට මාරුවුණේ කොතැනදීද කියලා. රනිල් වික්‍රමසිංහගේත් අද වෙනකොට භාෂාව වෙලා තියෙන්නෙ පොදුජන පෙරමුණත් එක්ක එකතුවෙලා මර්දනයේ භාෂාව, ප්‍රචණ්ඩත්වයේ භාෂාව. එදා මැයි 09 වෙනිදා ඒ එල්ල කරපු ප්‍රහාරයට වග උත්තරකරුවන් අද වෙනකොටත් නීතිය ඉදිරියට පමුණුවලා නෑ. ඇයි මේ ප්‍රචණ්ඩත්වයක් ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධ කරන්න උත්සාහ කරන්නෙ ? තර්කානුකූලව කල්පනා කරලා බලන්න, ඔවුන්ට අවශ්‍යයයි මේ අරගලය මර්දනය කරන්න. මොකද මේ අරගලයේ ඉල්ලීම්, ජනතාවගේ අභිලාෂයන් තවමත් සම්පූර්ණ වෙලා නෑ. එනිසා අපි හිතනවා මේක එක්තරා ආකාරයක මේ කවට පාලකයකුගේ නිවට මර්දනයක්. ප්‍රචණ්ඩත්වය ගැන බියවද්දලා අපිව මේ අරගලයේ මූලික අරමුණුවලින් ඈත්කරන්න උත්සාහ කරන්න එපා, ඒක දුර්වල උත්සාහයක්”

කුමාර් ගුණරත්නම් මහතා මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...

පාතාලයේ අක්මුල් නෑර ඔක්කොම හොයාගෙන ඉවරයි. දැන් සුද්ධ කරන්න පටන් අරන් තියෙන්නෙ – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට පාතාලයේ අක්මුල් නෑර සියල්ලම සොයාගෙන...

ගෝඨාභයට සහ රනිල්ට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

කොළඹ LNW:දේශගුණ විපර්යාසවලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා...

ජේරුසලමේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජේරුසලමේ අද(08)...