කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්වුණා.
චීනය හා ඇමරිකාව සුන්දර අනාගතයක් බෙදා ගන්නා බව එහිදී ට්රම්ප් ජනාධිපතිවරයා පැවසුවා.
ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉතා ශ්රේෂ්ඨ නායකයෙක් බවත් තමා ඒ පිළිබඳව නිරතුරුවම සඳහන් කළ බවත් ඔහු ප්රකාශ කළා. චීනයට පැමිණීමට ලැබීම තමාට ගෞරවයක් බව ද ට්රම්ප් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී පැවසුවා. මෙම සාකච්ඡාව පැය 2 යි විනාඩි 15 කට වැඩි කාලයක් පවත්වා තිබෙනවා.
දිනූෂි ධීරසිංහ


