ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට මේ වනවිට වැඩ කරගෙන යාම සඳහා දක්ෂයින් නොමැති බැවින් සමගි ජන බලවේගයේ දේශපාලනඥයින්ට ආණ්ඩුවට එකතු වන ලෙස ආරාධනා කෙරෙමින් පවතින බව සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පවසයි.
තමන්ටත් එවැනි ආරාධනයක් ලැබුණු බවයි ඔහු සඳහන් කළේ.
“වල්පැල ගලවලා මල්පැල හිටවපු උද්භිද උද්යානයේ ඉඳගෙන පට්ටෙට හොරකම් කරලා පට්ටෙට චාටර් වෙච්ච ආණ්ඩුවක් මේ වෙලාවේ දේශපාලනය තුළ අතුගෑවෙමින් යන මොහොතක්. පළවෙනියටම ජාතික ලැයිස්තුවේ උඩින්ම හිටපු කුමාර ජයකොඩි මේ වෙනකොට මේ ආණ්ඩුවේ රෙද්ද ගැලෙව්වා. දෙවැනියට ලැයිස්තුවේ හිටපු කෙනා තමයි හර්ෂණ සූරියප්පෙරුම. ඩොලර් ලක්ෂ 25 අතුරුදන්වීම පිළිබඳ වගකිවයුතු කණ්ඩායමේ ප්රබලයෙක් විදියට හර්ෂණ සූරියප්පෙරුමත් ගත්තාම ඔන්න අනුර ගෙනාපු දෙන්නෙක් මේ ආණ්ඩුවේ රෙද්ද ගලවලා තියෙනවා. පැලවත්තේ අර්බුදයක් ගොඩනැගෙන එක පිළිබඳව අපට හිතාගන්න පුළුවන්.
ඒ අර්බුදය කොච්චර දුරට යනවාද කියනවා නම් දැන් මිනිස්සු නෑ. දැන් ජාතික ලැයිස්තුවෙන් ආපු යාළුවෝ හොරකම් කරගෙන යනකොට, වැඩ කරන්න මිනිස්සු නැතිවෙනකොට මේගොල්ලො බලනවා අදූෂිත දේශපාලන ව්යාපාරයක් කොහෙද තියෙන්නෙ ? හොරකම්වලට ගෑවිච්ච නැති, වැඩක් කරන්න පුළුවන් මිනිස්සු කොහෙද ඉන්නෙ ? අන්න මේගොල්ලො බලනවා අපි සජබෙට කෝල් එකක් දීලා බලමු, සජබෙ ඉන්න මන්ත්රීවරයෙක්ගෙ ගෙදරට ගිහිල්ලා බලමු, ව්යාපාරිකයෙක් හරහා මැසෙජ් එකක් දීලා බලමු කියලා. ඔය හිටපු මන්ත්රීවරුන් සහ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්රීවරු පැත්තකට දාමුකො, මම අවුරුදු එකහමාරයි සජබෙට ඇවිල්ලා. අපිටත් කියනවා, කොහෙන් හරි ව්යාපාරිකයෙක් හරහා හරි පණිවිඩයක් එවනවා, මල්ලි මේ ආණ්ඩුවත් එක්ක හැප්පෙන්නෙ නැතිව ඇයි ඔයාලාට බැරි මේ ආණ්ඩුවත් එක්ක එකතුවෙලා වැඩකරන්න ? මේකට වැඩ කරන්න මිනිස්සු නෑ, පුළුවන් නම් එකතු වෙන්න කියලා”
චරිත් අබේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹදී පැවති මාධ්ය හමුවක් අමතමිනි.


