චීනය විසින් ඉරානයට ආයුධ විකිණීම නැවත් වීමට එකඟ වූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊයේ(14)දිනයේදී චීන ජනාධිපති ෂි ජින්පින් හා පැවති සාකච්ජා වලදී ඉරානයට ආයුධ විකිණීම නැවත්වීමට එකඟත්වයකට පැමිණි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

ෆොක්ස් නිවුස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර එක්සත් ජනපද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ, චීනයට හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට අවශ්‍ය බවත්, සමුද්‍ර සන්ධිය හමුදාකරණය කිරීමට සහ එහි භාවිතය සඳහා ගාස්තු අය කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට චීනය තදින්ම විරුද්ධ බවත්, අනාගතයේදී චීනය සමුද්‍ර සන්ධිය මත යැපීම අඩු කිරීම සඳහා ඇමරිකානු තෙල් මිලදී ගැනීමට එකඟ වූ බවත්ය.

චීනය අවස්ථා ගණනාවකදී තමන් ඉරානයට ආයුධ සපයන බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කර තිබු අතර චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂැං ෂියාඕගැන්ග් සඳහන් කර තිබුණේ, අසත්‍ය තොරතුරු පැතිරවීමට අපි විරුද්ධවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණේ මිනීමැරුම්වලට හේතුව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය අක්‍රිය වීමද ?

දකුණේ පාතාලය යළිත් හිස ඔසවමින් පවතින අතර මනුෂ්‍ය ඝාතන...

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...