සටහන: සශිකලා මධුෂාණි
මැයි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ සහ උගන්ඩාවේ ඉබෝලා වසංගතය පැතිරීයාම සමග මරණ 88ක් හා සැක සහිත රෝගීන් 300 කට වැඩි සංඛ්යාවක් වාර්තා වීමත් සමඟ ලෝක සෞඛ්ය සංවිධානයේ (WHO) විසින් මහජන සෞඛ්ය හදිසි තත්වයක් ප්රකාශයට පත්කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සෞඛ්ය ඒජන්සියට අනුව, ඊයේ(16) දිනය වන අවිට සැක සහිත මරණ 80ක් පමණ වාර්තා වී ඇති අතර සැක සහිත රෝගීන් 246ක් පමණ DRC කොංගෝවේ පළාත් කිහිපයකින් වාර්තා වී ඇත.
භූමි ප්රමාණය අනුව අප්රිකාවේ දෙවන විශාලතම රට ලෙස සැලකෙන කොංගෝවේ පළාත් එකිනෙකාගෙන් දුරස්ව පිහිටීම හේතුවෙන් බලපෑමට ලක් වූ ප්රදේශවලට සෞඛ්ය සැපයුම් ලබා දීමේදී බොහෝ විට අභියෝගවලට මුහුණ දෙයි.
ඉබෝලා ඉතා බෝවන රෝගයක් වන අතර වමනය, රුධිරය හෝ ශුක්ර තරලය වැනි ශරීර තරල හරහා ආසාදනය විය හැකිය. එය ඇති කරන රෝගය දුර්ලභ නමුත් දරුණු හා බොහෝ විට මාරාන්තික වේ. මෙහි වත්මන් පැතිරීම ඉබෝලා රෝගයේ දුර්ලභ ප්රභේදයක් වන බුන්ඩිබුග්යෝ වෛරසය සිදුවන අතර එයට අනුමත චිකිත්සක හෝ එන්නත් නොමැත.

