යුධ සාහිත්‍යක් සඳහා රණවිරුවකුගේ නොනිමි අරගලය

සටහන – රත්නපාල ගමගේ 
මැයි 18, ස්විට්සර්ලන්තය (LNW)
: බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ සාහිත්‍ය මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී අපට නිවරදීම මුනගැසෙන යුධ හමුදාරණවිරුවෙකි. ප්‍රතාපවත් ලෙස හමුදා නිල ඇදුමෙන් සැරසී පොත් මිටියක්අතැතිව පොත් කුටියක් අසල පොත් ප්‍රදර්ශනය කරමින් සිටින ඔහුගේ දර්ශනයඑහි ආගිය අපට හොදින් හුරු පුරුදුය. ඔහු යුද හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය හාමනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස සේවය කරනලුතිනල් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහය. ඔහු හමුදා රණ විරුවන් අතර සුවිශේෂී පුද්ගලයෙකි. ඔහු යුද බිමේ විසිවූ ගිනි පුපුරු එකින් එක එකතු කර පාඨකයාටග්‍රන්ථ දහයක් දායද කල නිලදාරියකු නිසා ඔහු අපට සුවිශේෂීය. ඔහු ලියූසමහරක් ග්‍රන්ථ ආචාර්ය උපාධියකට ඉදිරිපත් කෙරෙන නිබන්ධනයක් හා සමාන පර්යේෂණාත්මක කෘතිවේ. අවිබිමක ගිනියම සහ මරණය මැදින් මුලතිව් යනකෘති දෙක ඊට නිදසුන්ය. යුධ සාහිත්‍යයක් ගොඩනැන්වීමේදී ඉහත කෘතීන් දෙකඉහල වටිනාකමක් ලබාදී ඇති බව කිවයුතුය. 

සුජිත් එදිරිසිංහගේ අවිබිමක ගිනියම කෘතිය ඇසුරින් පරම වීර පූජා නමින්සිනමා පටයක් නිපදවීමට ආරම්භ කිරීමෙන් ඒ බව පැහැදිලිය. මරණය මැදින්මුලතිව් යන කෘතිද පර්යේෂනාත්මක කෘතියකි. කොකාවිල් හා මුලතිව් හමුදාකදවුරු වල ඇවිලී ගිය දරුනු සටන් වලදී තම සහෝදර සෙබලුන් සතුරාගේ වෙඩිපහර වලින් මිහිකත සිප ගනිද්දී පලා ආ අතේ ඇගිලි ප්‍රමාණය තරම් වූ සෙබලුන්සොයා ගම් දනව් වලට ගොස් ඔවුන් කැදවාගෙනවිත් සටන් සිදුවූ භූමිය තුලදීම ඒ බිහිසුනු රාත්‍රියේ ඔවුන් ලැබූ අත්දැකීම පාඨකයා හමුවේ තැබීමට සුජිත් සමත් වූබව කිවයුතුය. 

ඊට අමතරව සතුරු ප්‍රහාරය බලාපොරොත්තුවෙන් බංකරය තුල සිරවී සිටින සෙබලුන්ගේ සිත් සතන් වල ගොඩ ගැහී තිබුනු කවි චින්තාව වන කුරුටු ගී වලඑකතුව ද ඔහු විසින් පාඨකයාට දායාද කර තිබේ. ඔහු යුද බිමේ මිය ගිය දහස්ගණන් සෙබලුන් සටන් බිමදී කල දස්කම් විස්කම් පොතක පතක ලියා අනාගත පරපුරේ පරිශීලනය සදහා තබා ඇති ජීවමාන රණවිරුවෙකි. ඔහු නියෝජනය කලේදහස් ගනන් මිය ගිය හා ආබාධිත රණවිරුවන්ය. ඔහුගේ ලේඛන කලාව සම්බන්ධයෙන් යමක් කිවයුතුය. ඔහු මේ යුද්ධය සම්බන්ධයෙන් නොනිමි අරගලයක යෙදී සිටී. මෙවර රණවිරු දිනයේදීත්  ග්‍රන්ථයක් එලිදැක්වීමට සූදානමෙන් සිටී. ඔහුගේ පෞද්ගලික මුදලින් කරනු ලබන මේ සේවයට ඇගයීමක්සංස්කෘතික දෙපාර්තුමේන්තුවෙන් හෝ සිදු කෙරෙන්නේ නම් එය පැසසුමට ලක්වන කරුණක් යැයි කිවයුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...