කොළඹ වරායේ නාවික කොට්ඨාශයේ සේවා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානය…

රෂිකා හෙන්නායක මැයි 18, කොළඹ LNW :

වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් අද (18) කොළඹ වරායේ නාවික කොට්ඨාශය (Navigation Division) වෙත නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එහි වර්තමාන මෙහෙයුම් තත්ත්වය, පවතින අභියෝග සහ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදී.


මෙම අවස්ථාවේදී වරාය නාවික මෙහෙයුම් සඳහා අවශ්‍ය ටග් යාත්‍රා ප්‍රමාණවත් නොවීම, පයිලට් ලෝන්ච් හිඟය, පද්ධති ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව සහ සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, වරාය සේවාවන් වඩාත් කාර්යක්ෂම හා නවීන මට්ටමක පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ උපකරණ කඩිනමින් සපයා ගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, නාවික සේවා අඛණ්ඩව සහ ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා නව තාක්ෂණික සහ මෙහෙයුම් විසඳුම් ක්‍රියාත්මක කළ යුතු බව ද සඳහන් කළේය.


මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යාංශ ලේකම් ඩබ්. ඩබ්. එස්. මංගල මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා, උප සභාපතිතුමා, වරාය අධිකාරියේ කළමනාකාරීත්වය සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...