සුව ඇමති නලින්ද බංගලිදේශය සහ භූතානයේ සෞඛ්‍ය විෂයභාර අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා!

රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බංගලිදේශයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන රාජ්‍ය අමාත්‍ය M.A. Muhit  සහ භූතානයේ සෞඛ්‍ය අමාත්‍ය Tandin Wangchuk යන මහත්වරුන් හමුවී විශේෂ ද්වි පාර්ශවීය සාකච්ජාවන් පැවැත්වුහ.

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී මෙම සාකච්ජා පැවැත්විණි. මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් නව තාක්ෂණය, දැනුම මෙන්ම වර්තමානයවන විට බලපා ඇති සෞඛ්‍ය අභියෝගයන් සහ ඒවාට ලබාගත හැකි කෙටි,මධ්‍ය හා දීර්ඝකාලීන විසදුම් හා ඉදිරි සැලසුම් පිළිබදව විශේෂ අවධානයක් යොමුකරමින් එම සාකච්ජා සිදුවිය.

විශේෂයෙන්ම මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙන්ම තාක්ෂණික සහාය ඇතුළු විවිධ සහයෝගයන් ලබා ගැනීමේ දී බංගලිදේශය නිරන්තරයෙන් ලබාදෙන අනගි සහයෝගය අමාත්‍යවරයා මෙහි දී විශේෂ  ඇගයීමට ලක්කර සිටියේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නි දිග ආසියානු කලාපීය සෞඛ්‍ය සමුළුවේ සභාපතිවරයා ලෙසින්ද, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කලාපයේ ප්‍රමුඛ රටවල්වන මෙම  රටවල ක්‍රියාත්මක ප්‍රාථමික,ද්විතීයික හා තෘතීයික සෞඛ්‍ය සේවාවන් සහ ක්‍රමවේදයන් පිළිබදව විශේෂ අවධානයක් යොමුකරමින් ඊට අදාළව දීර්ඝව කරුණු විමසීමක් සිදුකරමින් මෙම සාකච්ඡා පැවැත්වීම විශේෂත්වයකි.

මෙම සාකච්ජාමය අවස්ථාවන් සදහා මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා මෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නිලධාරීන්, බංගලිදේශයේ සහ භූතානයේ සෞඛ්‍ය අමාත්‍යාංශවල නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...