ඩොලරය ඉහළ ගියා කියලා ආර්ථිකය පහළ යන්නේ නෑ. අපි උද්ධමනය පාලනය කරලා තියෙන්නේ – ඇමති අනිල්

සටහන – රුවන් නෙළුගොල්ල

විදේශ විනිමය අනුපාත ඉහළ ගියත් ආර්ථිකය පහළ යෑමක් සිදු නොවන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

“කිසිදු ආකාරයකට මෙතනදී තර්කනයක් හෝ සම්බන්ධයක් ගොඩනැගෙන්නේ නෑ විදේශ විනිමය අනුපාතය ඉහළ ගියායි කියලා ආර්ථිකය පල්ලෙහාට යනවායි කියලා. මේ මොහොත වෙනකොට විදේශ විනිමය අනුපාතය ඉහළ යාම ඉලක්ක කරගෙන සියලුම දේවල් ඒ හරහා ගොනුකරගෙන වාද විවාද කරමින් ආර්ථික අර්බුදයකට යන ආකාරයක් හුවාදක්වන තත්වයක් තියෙන්නෙ. මේ විදේශ විනිමය අනුපාතය ඉහළ යෑම සමස්ත ආර්ථික අර්බුදයක් බවට පෙන්වීමේ උත්සාහය ; විදේශ විනිමය අනුපාතය කියන්නේ ආර්ථිකයක් ඇතුළේ එක් දර්ශකයක් පමණයි. තව දර්ශක ගණනාවක් තියෙනවා. ඒ සියලුම දර්ශකවල අපේ තියෙන්නෙ සුබ දිශාවක්. මේ නිශ්විත දර්ශකයේදී පවා අපි නිසි ආකාරයට විදේශ විනිමය පාලනය කරලා, සංචිත ගොඩනඟාගෙන, ආර්ථික කටයුතු සිදුකරමින් ආවා. මේ ඉහළ යාම රට ඇතුළේ අපි ගත්තු තීන්දු තීරණ නිසා නෙවෙයි බාහිර සාධක නිසායි. විපක්ෂය උත්සාහ කළා මෙය සංසන්දනය කරන්න 2022 විදේශ විනිමය අනුපාතය 370 ට ගියා, තව ටිකයි තියෙන්නෙ කියලා. දැනට අපි පිළිගන්නවා මේ විදේශ විනිමය අනුපාතය ඉහළට යමින් තියෙන්නෙ. විපක්ෂය කියන්න උත්සාහ කළා 370ට ආව ගමන් ආර්ථිකය වැටෙනවා, ආණ්ඩුව ගෙදර යනවා, විපක්ෂය රට බාරගන්නවා වගේ කතාවක්. ඒක සිහිනයක්. 2022දී ඩොලරය පාලනය කරගන්න බැරිවුණු නිසා ආණ්ඩුව බිඳවැටුණා නෙවෙයි. ආර්ථිකමය වශයෙන් සියල්ල බඳවට්ටලා රජය මූල්‍ය කළමනාකරණය නොකරපු නිසා තමයි එදා ආණ්ඩුව බිඳවැටුණෙ. දැන් මේ පෙන්වන්න උත්සාහ කරනවා ආර්ථික අර්බුදයක් එනවා කියලා. නෑ ! තාම ආර්ථිකය එකතැන හිරවෙලා නෑ. අපි ඒක දුවවනවා.

ඒ වගේම තමයි උද්ධමනය. අපි ඒක පාලනය කරලා තියෙනවා. උද්ධමනයට යම් භාණ්ඩ මිල ගණන් වැඩිවෙනකොට අපි පිළිගන්නවා විදේශ විනිමය අනුපාතය ඉහළ යනකොට භාණ්ඩ මිල ගණන් ඉහළ යනවා. යම් තෙරපුමක් එනවා, හැබැයි වැදගත්කම වෙන්නෙ ඒ තෙරපුම උද්ධමනය පාලනය කරන්න පුළුවන්ද කියන එකයි. ඔව් ඒක පාලනය කරන්න පුළුවන්. දැනටමත් පාලනය කරලා තියෙනවා. අපේ විචල්‍ය උද්ධමනය පාලනය කිරීමේ රාමුව ඇතුලෙ තමයි තවමත් තියෙන්නෙ”

අනිල් ජයන්ත ප්‍රනාන්දු අමාත්යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආර්ථික උපදේශකයා කවුද? හර්ෂට බිමල්ගෙන් පිළිතුරක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය : ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ඔක්තෝබර් 23) දිනය වනවිට ගිනිකොණ...

ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශ...