රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ LNW :
මාතර බ්රවුන්ස්හිල් ප්රදේශයේ පිහිටි ඉඩමක් මිලදී ගැනීමට අදාළ මූල්ය අපරාධ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු නිකුත් කර තිබේ.
විත්තිකරු විදේශගතව ප්රතිකාර ලබන බව ඔහුගේ නීතිඥවරුන් වෛද්ය වාර්තා මගින් දැනුම් දුන්නද, ඔහු දිගින් දිගටම අධිකරණය මගහැර ඇති බව මහේස්ත්රාත්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මාතර ප්රධාන මහේස්ත්රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගනිමිනි.



