ඩොලරයේ අගය හෙට අනිද්දා තවදුරටත් ඉහළ යනු ඇතැයි බලා නොසිට වහාම තම තමන් සතු ඩොලර් ශ්රී ලංකාවට එවන්නැයි විදෙස්ගත ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
“මේ වෙළඳපොල තුළ ඇතිවෙලා තියෙන විශේෂ තත්වය පාවිච්චි කරලා පාරිභෝගිකයින් සූරාකන්න කවුරුහරි කටයුතු කරනවා නම් අපි ඒ ගැන අනිවාර්යයෙන් ක්රියාමාර්ග ගන්නවා. ආර්ථික විද්යානුකූලව සමහර අය සමහර ඒවා ඔළුවෙන් හිටගෙන තමයි විග්රහ කරන්නෙ. ඒ නිසා ඉතින් ඒ අය නිවැරදි කරන්න වෙලාවක් නෑ. විදෙස්වල ඉන්න ශ්රී ලාංකිකයින්ගෙ අපි ඉල්ලනවා, හෙට ගණන් යයි අනිද්දා ගණන් යයි කියලා ඩොලර් එක රඳවන් ඉන්න ඕනෙ නෑ, ඔබ රටට ඩොලර් ටික එවන්න. ඒ වගේම සංචාරක ව්යාපාරයෙන් එන ඩොලර් ටික ගෙන්වන්න. අපනයනකරුවන්ට අපි කියනවා ඔබේ ඩොලර් ටික රුපියල් කරන්න. එහෙම නැතිවුණොත් ඔබටමයි මේ ප්රශ්නයේ ගොදුරු බවට පත්වෙන්න වෙන්නේ”
වසන්ත සමරසිංහ අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී මාධ්ය වෙත අදහස් දක්වමිනි.


